පළකල දිනය : Fri, Apr 5th, 2019

මධූෂ් නිසා විදේශ ඇමති මාරපන ඩුබායි ගිහින්

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන හදිස්සියේ විදේශ ගත වී ඇති බව වාර්තාවෙයි.

ඒ මහතා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා (03) දිනයේ දී අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින් මොහොමඞ් ගර්ගාෂ් මහතා හමුවේ බාර දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button