පළකල දිනය : Mon, Apr 8th, 2019

දෑතයි එක පාදයකුයි අහිමි නිමේශාගේ විශ්කම්

”ඔබ දන්නවා ද මා කවුද යන්න වග? මම ද ඔබ වැනි සොඳුරු මාපිය දෙපළකට දාව මිනිසත් බව ලබා මෙලොව එළිය දුටු දියණියකි. එහෙත් දෙඅතම හා එක් පාදයක් අහිමි විට සවිය විය මගේ දිවියට හිමි වූ එකම පාදය. ඔබ අමතන විට මා මෙහෙම අනේ අපොයි අසරණ කෙල්ල යන හැඟීම් ඇති වනු ඇත. එවන් අනුකම්පාවකින් යුතුව මා දෙස නොබලන්න. ඇවැසි නොවේ එය මට. අපට අහිමි වන හා හිමි වන දැ බොහෝ ය. අහිමි වන දේ ගැන සිත සිතා හැඩිය යුතු නොවේ. කුමක් කළ යුතු ද, මොහොතක් සිතන්න. මානසිකව ගැඹුරින් සිතා බලන්න. ඔබට ඇරයුම් කරමි මම. මට මා ගැන ආඩම්බරයි. අහිමි වූ දේට වඩා මට හිමි වූ දේ අපමණය.”

මේ පසු ගිය දිනක ඇය විසින් තැබූ සටහනකි. එසේ නම් කවුද මේ සටහන තැබූ ඇය? ඔබේ සිතට පැනයක් නැගෙනු ඇත. ඇය අන් කවරෙකුවත් නොව රශ්මි නිමේශා ගුණවර්ධනය. පසුගිය දා පැවැති අ.පො.ස. සාපෙළ විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව ඇහැලියගොඩ ජාතික පාසලෙන් අ.පො.ස සා.පෙළ විභාගයට මුහුණ දී ඇහැලියගොඩට පමණක් නොව මුඵ ලංකාවටම කීර්තියක් අත්කර දෙමින් A සාමාර්ථ 8ක් හා B සාමාර්ථ 1ක් ලබා ගනිමින් පාදයෙන් අකුරු කළ විශිෂ්ට දස්කම් පෑ දිරිය දියණියයි.

ඇයට උපතින්ම උරුම වූ ශාරීරික දුබලතා කමකට නොගෙන තමන්ට උරුම වූ එකම පාදය අතක් මෙන් හසුරුවා ඇය උගත් දැනුම හා අවබෝධය මුතුවන් අකුරින් පිළිතුරු පතෙහි පාදයෙන් ලියා අති විශිෂ්ට ලෙස අ.පො.ස සා.පෙළ විභාග කඩයිම ජය ගත් ඒ අපූර්වය මේ වන විටත් අපි අසා ඇත්තේමු. නමුත් අද අපි ඇය සොයා යන්නේ ඇයගේ නොදුටු පැතිකඩක අපූර්ව වූ හැඟුමන් ඔබ වෙත ගෙන එන්නට සිතාය. මේ ඒ සටහනයි.

සරත් ගුණවර්ධනටත් ධම්මිකා ගුණවර්ධනටත් 2002 වර්ෂය නැවුම් බලාපොරොත්තු සහිත සිත සතුට රැඳි වර්ෂයක් වුණා. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ඔවුන්ගේ දෙවැනි දරු උපත මේ වර්ෂයේ බලාපොරොත්තුවෙන් සිටි නිසා ය. දහසක් දරුවන්ගේ නැණස පාදන ආදරණීය ගුරු පියෙකු හා ගුරු මවක වූ මේ දෙපළට 2002 දෙසැම්බර් 23 වන දින හරි අපූර්ව දවසක් වුණා. එදින ඔවුනට දාව පුංචි කුමරියක් මෙලොව එළිය දුටුවා.

රෝස පාටින් දිලිසුණු පුංචි සමනලියගේ හැඞීම අතරින් ඔවුන් දැකපු දෙයින් ඔවුන්ගේ සිත මොහොතකට නතර වුණා. ඒ ඔවුන්ගේ දියණිය අත් දෙකම හා එක් පාදයක් අහිමිව උපත ලබා තිබීම දැකිම නිසා ය. ඒ තත්පරයේ දී මේ ආදරණීය දෙමාපියන්ගේ සිත් එකිනෙකා සමග යම් කරුණක් සපත කර ගත්තා. ඒ මේ තටු සිදුණු කිරිල්ලිය තම ජීවිත පරදුවට තබා හෝ රැක බලා ගමුයි කියන පොරොන්දුවයි. ඒ කිරිල්ලිය වෙන කිසිවෙකුත් නොව අපගේ කතාවේ නායිකාව වන රශ්මි නිමේශා ගුණවර්ධනයි.

අතපය හතර අපූරුවට ඇති දරුවන් ගංගාවලට විසි කරන යුගයක කුණු කාණුවල, කුණු බඳුන්වල තබා යන ම්ලේච්ඡු මිනිසුන් වෙසෙන සමාජයක එක් පාදයක් පමණක් උරුමව ඉපදුනු පුංචි රශ්මිව ආදරයෙන් වැළඳ ගෙන ලොකු මහත් කරපු රශ්මිගේ දෙමාපියන් දෙවැනි වෙන්නේ බුදුපියාණන් වහන්සේට පමණක් නේද කියන හැඟීම අප සිත් තුළට ඇති වී ම සාධාරණය. ඒ පුංචි රශ්මි යාන්තම් උස් මහත් වෙලා අවුරුදු 16ක් වගේ පුංචි වයසක දිම මේ තරමටම රටක් ලෝකයක් අගයන දක්ෂ දිරිය දියණියක් වෙයි කියලා ඒ දෙමාපියන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

හරි ආදරය නිසි මග පෙන්වීම තුළින් ඕනෑම දරුවෙකුට වටිනාකමක් දෙන්න පුඵවන් බව ඒ දෙමාපියන් දැනගෙන ඉන්න ඇති. ඒ නිසාම පුංචි රශ්මි අද අතපය හතර හොදට තියෙන ළමුන්ටත් ආදර්ශයක් වෙමින් සමාජයේ ඉහළින් වැජඹෙන චරිතයක් බවට පත් වෙලා හමාරයි. ශාරීරික දුබලතා මගහරිමින් අංගසම්පූර්ණ දියණියක ලෙස ලෝකය දිනන්න ඇය තුළ වු අසාමාන්‍ය දක්ෂතා අප සමග කතා කළේ ඇගේම ආදරණීය පියා සරත් ගුණවර්ධන මහතාය.

”මම වෘත්තියෙන් ගුරුවරයෙක් අපි කවදාවක් අපේ දුව බරක් කියලා හිතුවේ නෑ. ඇය පුංචි කාලේ ඉඳලා හරිම කීකරුයි. අපි දුවට අවුරුදු 3ක් විතර වෙන විට පෙරපාසල් ගුරුවරියක් ගෙදරට ගෙනල්ලා කකුලින් පොඩි පොඩි ක‍්‍රියාකාරකම් කරන තාලය හුරු කළා. පරිප්පු වගේ දේවල් අලවන්න, කොළ පොඩි කරලා අලවන්න, කඩදාසි නවන්න වගේ දේවල් හුරුකළා. දුව පොඩි කාලේ ඉඳලා කියන හැමදේම එකපාරින් වටහා ගත්තා. කරලා පෙන්වන දේ අවබෝධ කර ගත්තා.

දුව තනියම අකුරු ලියන්න පටන් ගන්නවා දැක්කම අපට දැනුන සතුට කියලා නිම කරන්න බෑ. අපි කොහොම හරි රශ්මි දුවට ප්ලාස්ටික් කකුලක් අරන් දුන්නා. දුව එක දාගෙන පළමු පියවර ඇවිදිනව දැක්කම දැනුණු හැඟීම වචනවලට පෙරළන්න බෑ. අපි එයාට එයාගේ ශරීරයේ අඩුපාඩු කවදාවක් දැනෙන්න ඇරියේ නෑ. නිකම් ඉන්න හැම වෙලේ ම අපි ඔක්කෝම දුවත් එක්ක එකතු වෙලා සින්දු කියනවා. දුවට හොදට සින්දු කියන්නත් පුඵවන්. මගේ බිරිද සංගීත ගුරුවරියක් හින්දා ඒ ආභාසයත් එයාට පිහිටලා තිබුණා.

අපි දෙන්නාම ගුරුවරු හින්දා ද දන්නේ නෑ මගේ දරුවාට හොද අධ්‍යාපන දැනුමක් තියෙනවා තියලා අපට වැටහුණා. ඔය අතරේ තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් දුව ලකුණු 153 ක් ලබා ගෙන සමත් වුනේ. අපි දුවව ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් කළා. එහෙදී විදුහල්පතිවරුන්, ගුරුවරු, යාඵවෝ රශ්මි දුවට හොඳට සැලකුවා.

ඔය අතරේ 2017 වර්ෂයේ වියට්නාමයේ තිබුණු ඨකදඉ්ක ෂඔ ක්‍ය්කකැබටැ-2017 තරගයේ සුපර් චැලේන්ජර් රන් පදක්කම ලබා ගන්න දුවට හැකි වුණා. දුවට ප‍්‍රශ්නයක් ආවම එයා කරන්නේ නිහ`ඩව කල්පනා කරන එක. එයාට ඒ පැනයට උත්තර හොයන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. එයාගේ අහිංසක හිනාව එයාට වාසනාව රැුගෙන ආවා.

එයා පාසලේ වැඩ කකුලින් කරන කොට ලස්සන අකුරු කකුලින් ලියන කොට අපි එයාව දිරිමත් කළා. මේපාර සා.පෙළ විභාගය ඉහළින් සමත් වෙන බව අපි දැනගෙන හිටියා. ප‍්‍රතිඵල ආවම එයා ගොඩක් සතුටු වුණා. විෂයන් 9 න් විෂයන් 8 කටම A සාමාර්ථ එක විෂයකට B ඒ දෙමළ විෂයට.”

සරත් ගුණවර්ධන මහතා අපි සමග එහෙම කියා ගෙන ගියේ තාත්තා කෙනෙකු විදිහට එතුමා අද සතුටුවන තරම හදවතින්ම පිළිබිඹු කරමිනි.

ජීවිතය හරියට ගලා යන ගඟක් වගේ කියන කියමන හරියටම හරි. ජීවිත ගමන ගෙන යන කොට මතුවන කම්කටොලූ අසීමිතයි. ඒ බාධක බිඳගෙන ඉදිරියට පනින්න පු`ඵවන්නම් එක විශාල ජයග‍්‍රහණයක්. එවන් ජයග‍්‍රහණයක් ලද දිරිය දියණිය රශ්මිගේම වචනවලින් ඒ දේවල් දැන ගන්න තිබුණු ආසාව නිසාම අපි නිමාශා ලද මේ විශිෂ්ට දිනුම ගැන ඇගෙන්ම විමසුවා.

8 1 ”මගේ ගමනට මගේ අම්මායි තාත්තායි අක්කයි ලොකු කැපවීමක් කළා. ඒ වගේම විදුහල්පතිනිය, ගුරුවරු මගේ යාඵවෝ මට ගොඩක් උදවු කළා. මේ හැම දේම ලැබුණේ මගේ උනන්දුවයි හැමෝම මට ආදරේ කරපු නිසායි. උත්සාහය තියෙනවා නම් ඕනෑම ඉලක්කයක් ජය ගන්න ඕනිම කෙනෙකුට පුඵවන් මම ඒ දේ කළා. තනි කකුලක් විතරක් තිබුණු මම මේ වගේ ජයග‍්‍රහණයක් අත් කර ගත්තා කියන්නේ අඩු පාඩුවක් නැති හැම කෙනෙකුටම මීට වඩා දුරයන්න පුඵවන් කියන එක නේ ද?

මගේ දෙමවුපියෝ මට කිසිම අඩුපාඩුවක් නොදුන්නාට මගේ ශරීරයේ තිබුණු අඩුපාඩු මට විශාල බාධාවක් වුණා. එත් මම ඒ බාධක තුළින් ජීවිතය ජය ගත්තා. ගෙවල්වල මොන අඩුපාඩු තිබුණත් අපි මුල් තැන දෙන්න ඕන අධ්‍යාපනයටයි. මට ලොකු ආශාවක් තියෙනවා ධනාත්මක සිතුවිලි ඇති කරවන උපදේශිකාවක් වෙලා මේ සමාජයේ දරුවන් යහ මගට ගන්න පොඩි හරි මෙහෙවර කරන්න.

එකට අවස්ථාවක් ලැබුනොත් මම ඒ දේ කරනවා. මම ගීත ගායනය තුළින් පවා උත්සාහ කරන්නේ මිනිසුන්ගේ මනස නිවන්න. මම දැනට ප‍්‍රසංග 3ක් කරලා තියෙනවා. මට ම කියලා ගීත 6ක් තියෙනවා ඒවා මට ලියලා දීලා තියෙන්නෙත් ලංකාවේ ජනප‍්‍රිය අග‍්‍රගණ්‍ය සංගීතඥයෝ කිහිප දෙනෙක්. මම උසස් පෙළට වානිජ විෂය ධාරාව ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් හැදැරීමට තීරණය කළා.

මට තව දුර ගමනක් යන්න තියෙයි. මම ආපු දුෂ්කර ගමන තවත් ශක්තියක් කර ගෙන ඉදිරියටම යනවා. කොච්චර ඉහළට ඉගෙන ගත්තත් කවදාවත් මට අත් දෙකයි කකුලයි ලැබෙන්නේ නෑ. එත් මගේ මේ ව්‍යායාමය මම වගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අරමුණක් ඇති කරාවි. එහෙම අනාගතයක් උදා වුණොත් ඒක මගේ එකම පැතුමයි.

අපි අපේ බුද්ධිය හරියට ක‍්‍රියාවට යෙදෙවුවොත් ජීවිතයේ අඩුපාඩුකම් අවම කර ගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉදිරි අනාගතය කොහොම වුණත් මට ජීවය දීලා මාව රැක බලාගෙන මගේ නැණස පාදපු දෙමවුපියෝ ගුරුවරු ඇතුළු හැමෝටම ආඩම්බරයක් වෙන්න පුඵවන් විදිහේ රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න තමයි මගේ අදහස.”

සිය පාදයෙන් අකුරු කළ දිරිය දියණියක් අද ලංකාවේ පමණක් නොව මුඵ මහත් ලෝකයේ ම කතා බහට ලක් වෙලා. ඇගේ ඒ ධෛර්යයට ප‍්‍රණාමය පුද කරමින් අප ඔවුන්ගෙන් සමු ගත්තා.

අනුර ජයසේන – ඇහැලියගොඩ
(දිවයින)

  • 1.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button