පළකල දිනය : Tue, Apr 9th, 2019

ඝෝෂාකාරී නලා වලට එරෙහිව රට පුරා නීතිය

ඝෝෂාකාරී නාද රටා සහිත නලා ගලවා ඉවත් කිරීමට වාහන හිමිකරුවන්ට සහ රියදුරන්ට සහන කාලයක් ලබාදී තිබෙනවා. එම සහන කාලයෙන් පසුවත් ඝෝෂාකාරී නාද රටා සහිත නලා භාවිත කරන වාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

මේ, ඒ පිළිබඳ වැඩිදුුරටත් කරුණු දක්වන රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

අප්‍රේල් මාසයේ සිට මාස තුනක කාලයක් ලබා දීලා තියෙනවා මේ විවිධ නාද රටා සහිත නලා ගලවා ඉවත් කරන්න.

ඒ සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගේ සංගම් පවා කැමැත්ත පළකරලා තිබෙනවා. ඒ අනුව ලබන ජුලි මස 01 වෙනිදා ඉදලා විවිධ නාද රටා සහිත නලා තිබෙන බස් රථ වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවට මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඝෝෂාකාරී නාද රටා සහිත නලා භාවිත කරන වාහන සම්බන්ධයෙන් ලබාදිය හැකි දඬුවම් පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.

එවැනි විවිධ නාද රටා සහිත නලා සවිකර තිබෙන වාහන පදවන රියදුරාට රුපියල් 10,000 සිට 20,000 දක්වා දඩ පැනවිය හැකි අතර එවැනි නලා හේතුවෙන් යම් පුද්ගලයෙක්ට තුවාල සිදුවුවහොත් රියදුරාට මෙන්ම වාහනයේ හිමිකරුට රු. 10,000 සිට 25,000ක් දක්වා දඩයක් සහ නඩු පැවරීමෙන් මාස දෙකක සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් ඇති බවයි සඳහන් කර සිටියේ.

  • 556
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button