පළකල දිනය : Wed, Apr 10th, 2019

ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතුයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සිදු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරසිංහ මහත්මිය පැවසූ බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ දේවල් වලට මෙරට තුළ අධිකරණවලින් දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවේ අධිකරණයකින් හෝ දඬුවම් ලබාදිය යුතුව ඇති බවද ඇය පැවසූ බව වාර්තාවන් හි සදහන්ය.

ඇය මෙම අදහස් පළ කළ බව දැක්වෙන අත්තනගල්ල රජමහා විහාරයේ දී පැවති උත්සවය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

(ලංකා සී නිව්ස්)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button