පළකල දිනය : Fri, Apr 12th, 2019

නැවතත් බල පෙරළියකට ආණ්ඩුව සූදානම් වෙන ළකුණු

එළඹෙන අප්‍රේල් මස 15 වෙනිදාට පසුව යලිත් වරක් මෙරට දේශපාලන ක්ෂේස්ත්‍රය උඩු යටිකුරු කරන බල පෙරළියක් සිදුවීමේ හැකියාවක් පවතින බව මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා.

මෙලෙස කතාබහට ලක්වන්නේ කල්තියා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන චරිතයක් ඉවත් කොට ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් එම තනතුරට පත් කිරීමේ සුදානමක් පිළිබඳවයි.

කෙසේ වෙතත් එම තීරණයත් සමඟ පසුගිය වසරේ මෙන්ම එම සිදුවිමට සමාන ගැටළුකාරි තත්ත්වයක් රට තුල යළිත් උද්ගතවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඒ අනුව අදාල ප්‍රභල දේශපාලඥයාට මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරිමේ හැකියාවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දැනට ඇප මත නිදහස ලබා සිටින පුද්ගලයින් පිරිසක් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඔහුට එරෙහිව සාක්ෂි දීමේ සුදානමක් පවතින බවටත් මේ වන කට කතාවක් පැතිර යමින් තිබෙනවා.

එවන් තත්වයක් තුළ අදාල දේශපාලඥයා ඉවත් කොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් ඉදිරි මාස 10ක කාලයක් සදහා එම තනතුරට පත් කිරීමේ සූදානමක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යම් හෙයකින් මෙලෙස අදාළ තනතුර වෙනස් කිරිමට හැකි වුවහොත් ජනාධිපතිවරණය කල් තියා කැදවීමේ සූදානමක් පවතින බවටද රාවයක්ද පැතිරයමින් පවතිනවා.

එසේම පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට දැඩි මතවාදයක සිටීම මෙම තීරණය සඳහා බලපා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රභල අපේක්ෂකයෙකු නම් කිරීමට ඇති ඉඩකඩ සියයට 90ක් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුලාශ්‍රය – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button