පළකල දිනය : Fri, Apr 12th, 2019

අමෙරිකාවේ සංචාරයක නිරත වූ ගෝඨා ලංකාවට පැමිණෙයි

අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සංචාරය නිමාකර අද (12) දිවයිනට පැමිණියා.

ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ අතර ඔහු පිළිගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසලද විශාල පිරිසක් රැස්ව සිටින බවයි වාර්තා වුනේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවල වැඩි අවදානයක් යොමුවුනු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියා.

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button