පළකල දිනය : Tue, Apr 16th, 2019

යොවුන් පුරයේ ඈත්තටම උනේ මොනවද නාමල්ගෙ ඡායරුප

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන යොවුන් පුරය තරුණ පෞර්ෂ සංවර්ධන වැඩසටහන පසුගියදා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පැවැත්වුණා.එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු පා.ම නාමල් රාජපක්ෂ මහතා යොවුන් පුරය පැවති උත්සව භූමියද නිරීක්ෂණය කලා.

එහිදී භාවිතා කරන ලද උපත් පාලන කොපු (කොන්ඩම්), යට ඇදුම් සහ මත්පැන් බෝතල් අවිධිමත් ලෙස බැහැර කර තිබුනු දුටු නාමල් රාජපක්ෂ මහතා ඒවායේ ජායාරූප කිහිපයක් සිය සමාජ ජාල ගිනුම් වලට එක්කර පහත සටහන එක්කර තිබුනා.

Just two weeks after the conclusion of yowunpura, the state that Weerawila, Tissamaharama was left in has been pitiful. Millions have been spent on organizing yowunpuraya, a youth centered conference, and no due regard was given to the environment surrounding the conference area. At a time when youth based conferences should concentrate on bringing about attitude changes on important issues such as the environment, this kind of display of disregard for discipline is unacceptable. It is unfortunate that good sense did not prevail with the organizers for the yowunpuraya when leaving Weerawila in such a despicable state. Who should be held accountable for this terrible mess?

යොවුන් පුරය අවසන් වී සති දෙකක් අවසන් වූ පසු තිස්සමහාරාම විරවිල ප්‍රදේශයේ තත්වය සැකවින් දැක බලා ගැනීමට හැකි වූ අතර අනාගතයේ රට බාර ගැනීමට සිටින යෞවන යෞවනියන්ට මෙම යොවුන් පුරයෙන් ඉතිරි වූ දායාදය කුමක්ද? රටේ තරුණ තරුණියන්ට අනාගත බලාපොරොත්තු සපයමින් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් සිදු කල අපරාධයට වග කිව යුත්තේ කවුද? රටේ තරුණ තරුණියන් ආකල්පමය අතින් සංවර්ධනය කල යුතු මොහොතක තරුණ තරුණියන්ට යොවුන් පුරයෙන් ලබා දුන් දැනුම අත්දැකීම මොනවද? තව දුරටත් සමස්ථ තාරුණ්‍ය ඉදිරි අනාගතයේ අපේක්ෂා භංගත්වයට පත් කිරීමෙන් වැලකි අනාගතයට ආදර්ශයක් ලබා දීමට කටයුතු කිරිමට් යොවුන් පුර සංවිධායකයින්ට නුවණ පහල නොවීම රටේ තාරුණ්‍යයේ අවාසනාවකි..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button