පළකල දිනය : Thu, Apr 18th, 2019

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් වෙයි මාලිංග සමුගන්න කතා අමු බොරු

2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇති බව වාර්තා වෙයි.ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද වාර්තා වෙයි. කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි….

දිමුත් කරුණාරත්න (නායක) / ලසිත් මාලිංග / ඇන්ජලෝ මැතිව්ස් / තිසර පෙරේරා / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / ඉසුරු උදාන / මිලින්ද සිරිවර්ධන / අවිෂ්ක ප්‍රනාන්දු / ජීවන් මෙන්ඩිස් / ළහිරු තිරිමාන්න / වනිඳු හසරංග ද සිල්වා / කසුන් රජිත / සුරංග ලක්මාල්

තමන් එළැඹෙන ලෝක කුසලානයට පෙර ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.තමන් මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුලත්දැයි නොදන්න බවද මාලිංග ඉන්දියාවේ අදහස් පල කලේය.ලෝක කුසලාන සංචිතයට තමන් ඇතුළත්ව සිටියහොත් එහි නායකත්වයෙන් ඉවත් කිරීම ගැන තේරීම් කමිටුව සමග සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.ඉන් පසු කණ්ඩායමේ තව දුරටත් රැදී සිටිම හෝ නොසිටීම ගැන තීරණය කරන බවද කී ඔහු ඒ ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයිද පැවසීය.

  • 544
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button