පළකල දිනය : Fri, Apr 19th, 2019

මාලිංග නැතත් අපි World Cup ගහනවා අස්වන නොවෙන එක එයාගෙ වැඩක්

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි එහි සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

2019 ලෝක කුසලානය සඳහා කරන ලද ක්‍රිකට් සංචිතය එළිදැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මාලිංග ලෝක පූජිත ක්‍රිඩකයන් බවත් ඒ වූ පමණින් හොඳ නායකයෙක් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තවදුරටත් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මාලිංග ඉවත් වුවද ලෝක කුසලානය සදහා ශ‍්‍රී ලංකාව තරග වදින බවද ඔහු තව දුරටත් කීය.

එම මාධ්‍ය හමුවේදීම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග හොද නායකයෙකුද වන බවයි.

  • 2.3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button