පළකල දිනය : Sun, Apr 21st, 2019

තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර

දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් රොහල්ගත වුවහොත් නොමිලේ ප්‍රතිකාර කිරීමටත්, සැත්කම් සිදු කිරීමටත් පෞද්ගලික රෝහල් එකඟත්වය පළ කර තිබේ.

තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් සංගමයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීමක අනුව මෙම එකඟතාව පල කර ඇත.

මෙවැනි අවස්ථාවක මුදලට වහල් නොවී පෞද්ගලික රෝහල් තම ඉල්ලීමට මෙලෙස ප්‍රතිචාර දැක්වීම ගැන ස්තුතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button