පළකල දිනය : Tue, Apr 23rd, 2019

අමල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කෙරේ

මාකදුරේ මදූෂ් නැමැති පාලාන නායක සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී , එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ගායන ශිල්පී ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් අද අලුයම 5.03 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව මොවුන් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී ,රණුක්ගේ දීපාල් චමින්ද ,හෙට්ටිහේවා අමිල ප්‍රසංග , කලුපහන ෂෙල්ටන් , තුසේ පෙරේරා ලියනරාළලාගේ අමල් ප්‍රියන්ත, රණවකගේ ධම්මික නුවන් රණවක යන සැකකරුවෝ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත

මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් මැයි මස 02 දින තීරණය ප්‍රකාශයට පත්කරන බව ඩුබායි අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button