පළකල දිනය : Fri, Apr 26th, 2019

“ජනතාව ශක්තිමත් නායකයෙකු ඉල්ලනවා”

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන ආරක්ෂක අර්බුදයත් සමගින් එල්ටීටීඊය මුලිනුපුටා දමා රටේ ආරක්ෂාව ඉහළම මට්ටමකින් පවත්වාගැනීමට සමත් වූ රාජපක්ෂවරුන්ට මේ වන විට රට තුළ ඇති ඉල්ලුම ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කළ නොහැකි නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සදහා සූදානම් වෙමින් සිටී.

2009 වසරේදී එල්ටීටීඊය අවසන් කිරීමෙන් අනතුරුව රාජපක්ෂ රජය 2015 දී පරාජයට පත්වන තුරු ශ්‍රි ලංකාව තුළ කිසිදු බෝම්බ ප්‍රහාරයක් එල්ල නොවූ අතර පාතාල ක්‍රියාකාරකම්ද අවම විය.

යහපාලන රජය 2015 දී බලයට පත්වීමත් සමගින් දිනපතා පාතාල ක්‍රියාකාරකම් වැඩි වූ අතර පසුගිය වසර 4 තුළ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මෙම පාතාල ගැටුම් හේතුවෙන් මරණයට පත්විය.

රටේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකළ යහපාලන රජය දවසේ වැඩි කාලයක් ගත කළේ රාජපක්ෂ පාලන සමයේ සිදු වූවා යැයි පැවසෙන දූෂණ අක්‍රමිකතා ගැන සෙවීමට සහ තමන්ට අහියෝගයක් වන නායකයින්ව දඩයම් කිරීමටයි.

දෙමළ සන්ධානයේ බලපෑමට හසු වූ යහපාලන රජය ශ්‍රී ලංකාව සතුවූ දක්ෂතම බුද්ධිඅංශ නිළධාරීන්ව අත් අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව සිරගත කළ අතර හමුදා කදවුරු දිනෙන් දින ඉවත් කළේය.

යහපාලන රජයට සහය දෙන රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි වැනි මුස්ලිම් නායකයින්ගේ බලපෑම මත මුස්ලිම් අන්තවාදයට රිසිසේ වර්ධනය වීමට ඉඩ දුන් යහපාලන නායකයින් මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය එල්ල වීමට පෙර ලැබී තිබූ බුද්ධිඅංශ වාර්තාද ජනතාවගෙන් සැගවීය.

මෙහි ප්‍රතිඵලය වූයේ 2001 පසු ලොව සිදුවූ බිහිසුණුම ප්‍රහාරයට ශ්‍රී ලංකාව ලක් වීමයි.

බිහිසුණු කොටි සමගින් වසර 30 ක් පීඩා විද එයින් නිදහස්ව වසර 10 ක් යාමටත් මත්තෙන් නැවතත් හිස එසවීමට පාලකයින් කෙසේ වෙතත් ජනතාවනම් ඉද නොදෙනු ඒකාන්තයි.

රොයිටර් පුවත් සේවයද පවසන්නේ ඒ සදහා ශ්‍රී ලාංකික ජනතාවට හොදම අවස්ථාව මෙම වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණය බවයි.

අදාළ රොයිටර් පුවත් වාර්තාවට මෙතැනින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button