පළකල දිනය : Mon, Apr 29th, 2019

බුර්කාව ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍ය තාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්තාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button