පළකල දිනය : Sat, May 4th, 2019

දකුණු ආසියාවේ විශාලතම ගෑස් අන්තර්නැව්ගත කිරීම හම්බන්තොට වරායේ

ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිය අතිනවීන LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලාෆ්ස් මැරිටයිම් සමාගමට හිමි LPG නෞකා වලින් එකක් වන ශී‍්‍ර ලාංකීය ධජය සහිත Gas Succes නෞකාව මගින් රැගෙන ආ ප‍්‍රථම LPG නෞභාරය සමග මෙම දකුණු ආසියාවේ විශාලතම LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයෙහි මෙහෙයුම් කටයුතු දියත් කරනු ලැබිණි. පෙර – අපර දෙදිග ප‍්‍රධාන ජාත්‍යන්තර සමුද්‍ර වෙළෙඳ මාර්ග කේන්ද්‍ර කර පිහිටි මෙම නව ලාෆ්ස් LPG පර්යන්තය ඉන්දියානු සාගර කලාපයේ අතිශය වැදගත් බලශක්ති සැපයුම් කේන්ද්‍රස්ථානයක් වනු ඇත.

ලාෆ්ස් මැරිටයිම් ට අයත් LPG නෞකාවක් වන – Gas Success – මගින් ප‍්‍රවාහනය කළ ප‍්‍රථම LPG නෞභාරය ලාෆ්ස් LPG පර්යන්තය වෙත නිදහස් කිරීම, ලාෆ්ස් සභාපති ඩබ්. කේ. එච්. වෑගපිටිය, ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂක තිලක් ද සිල්වා සහ හම්බන්තොට නැෂනල් පෝර්ට් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී රේ රෙන් යන මහත්වරුන් විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික‍්‍රම, ලාෆ්ස් මැරිටයිම් අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලෙස්ලි හේමචන්ද්‍ර සහ ලාෆ්ස් ටර්මිනල්ස් අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර හා සාමාන්‍යාධිකාරි හෙෂාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගී විය.

‘‘මෙම අවස්ථාව ලාෆ්ස් සමූහයට පමණක් නොව අපගේ රටට මෙන්ම සමස්ථ ආසියානු කලාපයටම ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක් වන බව, ලාෆ්ස් සභාපති ඩබ්. කේ. එච්. වෑගපිටිය මහතා සිය අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය. ‘‘ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සමුද්‍ර හා ප‍්‍රවාහන සහ සැපයුම් (Logistics) මධ්‍යස්ථානය බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ පළමු පියවර 1970 දශකයේ මුල් අවධියේ දී කොළඹ වරාය කේන්ද්‍රකර ගත් කන්ටේනර් අන්තර්නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සමග ක‍්‍රියාවට නැංවිණි.

අද දින අප විසින් නිලවශයෙන් අරඹන ලද ලාෆ්ස් LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය කේන්ද්‍රකර ගත් බලශක්ති මධ්‍යස්ථානයක් පිහිටුවීම ඔස්සේ අප රටෙහි එම දැක්ම සාක්ෂාත් කර ගැනීමෙහිලා තබන ලද දෙවෙනි ඓතිහාසික පියවර වනු ඇත. මෙමගින් ශ‍්‍රී ලංකාව ලබන ආර්ථික සහ සාමාජීය ප‍්‍රතිලාභ අතිමහත්,’’ යැයි ඔහු තවදුරටත් පැහැදිලි කරමින් ප‍්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක වාර්ෂික අපනයන වටිනාකමක් අපේක්ෂිත මෙම මෙටි‍්‍රක් ටොන් 30000 කින් යුත් LPG පර්යන්තය ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ආශ‍්‍රිතව කරන ලද විශාල ආයෝජනයක් ලෙස දැක්විය හැකිය. මෙය මෙරට ප‍්‍රථම වතාවට හම්බන්තොට සහ කොළඹ වරායන් අතර වෙරළාශ‍්‍රිත නාවික ප‍්‍රවාහන සහ සැපයුම් සේවාවන් සඳහාද මුලපිරීමක් වනු ඇත. එමෙන්ම මෙම පර්යන්ත මෙහෙයුම් කටයුතු ආශ‍්‍රිත කර්මාන්තයන් ගණනාවක වර්ධනයට ඉවහල් වනු ඇති අතර, රැකියා අවස්ථා බිහි කිරීම සහ ආදායම් ඉපැයීමේ අවස්ථා උදාකර දීම යනාදි වශයෙන් මෙරටට ප‍්‍රතිලාභ රැසක් මෙමගින් අත්කර දෙනු ඇත.

‘‘පසුගිය දශක දෙක පුරා ලාෆ්ස්, ශ‍්‍රී ලංකා ධජයට ජාත්‍යන්තර ගෞරවය අත්කර දෙමින් සැබෑ ව්‍යවසායකත්ව දැක්මකින් යුතු ශ‍්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියට පත්වන ලදි. විශේෂයෙන්ම අපගේ බලශක්ති ව්‍යාපාරයන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් මෙලෙස අප අත්කර ගත් අතර ඒ සඳහා අපගේ ලාෆ්ස් කණ්ඩායමේ නිරන්තර කැපවීම සහ නොපසුබට උත්සාහය මෙම කිර්තිනාමය දිනා ගැනීමෙහිලා දැඩි ලෙස දායක වන ලදි.

අභියෝග රැුසක් අභිබවා අත්කර ගත් තවත් එක් එවැනි ජයග‍්‍රහණයක් ලෙස මෙම ලාෆ්ස් අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තය හැදින්විය හැකි අතර ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රය පමණක් නොව සමස්ථ දකුණු ආසියානු කලාපයම අත්කර ගත් ජයග‍්‍රහණයක් ලෙස මෙය ඉතිහාසයට එක් වනු ඇතැයි’’, ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා පැවසුවේය.

කලාපයේ ඇති විශාලතම නව LPG වෙළෙඳපොළවල් සහ ප‍්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ වරායන් කිහිපයකටම ආසන්නව පිහිටි ලාෆ්ස් LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තය, දකුණු ආසියාවේ ප‍්‍රධාන LPG මධ්‍යස්ථානයක් ලෙස කලාපීය LPG ව්‍යාපාරයන්ට ප‍්‍රතිලාභ රැසක් පිරිනමනු ඇත. LPG ක්ෂේත‍්‍රයේ කලාපීය වර්ධනයට තවදුරටත් උර දෙමින් මෙම ව්‍යාපෘතියේ දෙවෙනි අදියර සැලසුම් කර ඇත්තේ එහි ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 45000 දක්වා වැඩි කිරීමටය. එමගින් මුළු ව්‍යාපෘති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක් බවට පත් වනු ඇත. නව ලාෆ්ස් LPG පර්යන්තය, LPG ආනයනය, ප‍්‍රතිඅපනයනය මෙන්ම දේශීය වෙළෙඳපොළට නිකුත්කිරීමේ ප‍්‍රධානතම කේන්ද්‍රස්ථානයක් ලෙස ක‍්‍රියා කරනු ඇත.

ලාෆ්ස් හි ශක්තිමත් බලශක්ති සැපයුම් දාමය උපයෝගි කර ගනිමින් ඉන්දියානු සාගරයේ සමෝධානික කලාපීය LPG සැපයුම්කරු බවට පත් වීමේ ලාෆ්ස් ගෑස් ව්‍යාපාරික සැලැස්මට සහාය වීම ද මෙම පර්යන්තය පිහිටුවීමේ එක් අරමුණක් වේ. බලශක්ති ක්ෂේත‍්‍රය කෙරෙහි වූ ශ‍්‍රී ලංකා රජයේ දැඩි අවධානය සමග ලාෆ්ස් බලශක්ති ව්‍යාපාරයන් ද කලාපය තුළ වේගයෙන් ව්‍යාප්ත විය.

මෙම ක්ෂේත‍්‍රය තුළ වූ ලාෆ්ස් ව්‍යාප්තිය, ලාෆ්ස් ගෑස් හරහා ශ‍්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සිදු කරන ඛඡුඨ සැපයුම් ක‍්‍රියාකාරකම්වල සිට ලාෆ්ස් මැරිටයිම් සහ එහි LPG නෞකා කණ්ඩායම මගින් සිදු කරන LPG සමුද්‍ර ප‍්‍රවාහන සේවා සහ එයට අදාල ප‍්‍රවාහන සහ සැපයුම් (Logistics) සේවා සහ ඩුබායිහී පිහිටි SLOGAL Energy DMCC හරහා සිදු කරන බලශක්ති වෙළෙදාම දක්වා විහිදේ. බලශක්ති යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයන් සිදු කරමින් බලශක්ති සැපයුම් දාමය තුළ සිය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා ලාෆ්ස් අඛණ්ඩව ක‍්‍රියා කරන අතර හම්බන්තොට ලාෆ්ස් LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තය, මෙම ගමනේ වැදගත් කඩඉමකි.

Source – AdaDerana

  • 921
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button