පළකල දිනය : Sun, May 5th, 2019

දේශපාලඥයෙක් සකස් කර දුන් මධුෂ්ගේ ව්‍යාජ විදේස ගමන් බලපත‍්‍රය

මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලනඥයෙකුගේ උදව්වෙන් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයෙන් බව වාර්තා වෙයි.

ගුවන් තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන ලද N 5480656 දරන විදේශ ගමන් බලපත්‍රයේ දැක්වුනේ වර්ණකුලසූරිය අජිත් එරංග නම හා ගම්පහ පදිංචි අයෙක් ලෙසයි.

මධුෂ් ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත්තේද එම ව්‍යාජ ගමන් බලපත‍්‍රය උපයෝගී කර ගනිමින් බව මීට පෙර හෙලිව තිබින.

මධුෂ්ට ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර දීමට දේශපාලඥයෙකු උදවු කර ඇති බව වාර්තා වීමත් සමගින් දේශපාලඥයන් කිහිප දෙනෙකුම එම චෝදනාව තමනට එල්ල නොකරන්නැයි ඉල්ලමින් එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button