පළකල දිනය : Mon, May 6th, 2019

හයිකරද්දි වැරදිලාද රට වටේ ඔලුවෙන් හිටගත්තු බෝර්ඩ් එක දැක්කද

රටේ ලෝකේ මේ වෙද්දි සිද්ධ වෙන දේවල් එක්ක මිනිස්සුත් කරන්නේ කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මොකද ඔළුවේ තියෙන්නේ කොයි වෙලාවේ මොන දෙයක් වෙයිද කියන එක. ඔය අතරේ පහුගිය දවසක කොළඹ පැත්තේ වෙළඳ දැන්වීම් පුවරුවකත් හරි අමුතු වෙනසක් ඒ අහල පහලින් යන මිනිස්සු දැක්කා.

පොඩියි කීවට පොඩිමත් නෑ. ඒ වෙළඳ දැන්වීම මිනිස්සුන්ට පේන විදියට ගහලා තිබුණේ උඩු යටිකුරු කරලා. සල්ලි මෙච්චර වියදම් කරලා හදිස්සියට පුවරුව අනිත් පැත්ත ගහලා ගිහින් කියලා තමයි මේක දැකපු ගොඩ දෙනෙක් කීවේ. ෆේස්බුක් එකෙත් මේ අනිත් පැත්ත ගහපු බෝඩ් එක ගැන අමුතු කතා කියලා තිබුණා. තාමත් ඒ පුවරුව වෙනස් කරන්න කවුරුත් උත්සාහ කරලා නෑ.

මේ තමයි ඒ විදියට කොළඹ වටේ උඩියටිකුරු කරලා ගහලා තිබුණු පුවරුවේ ඡායාරූප….

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button