පළකල දිනය : Fri, May 10th, 2019

රයන් වැන් රොයන් නිදහස් වූ හැටි

කේරල ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මාසයකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ නළු රයන් වැන් රොයන් මහතා රුපියල් 4000ක දඩයක් ගෙවීමෙන් පසු මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (9) නියෝග කලේය.

ඔහු එම චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මුදා හැරිණි.

ඊට අමතරව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර මීකදවත්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් ඇති මෝටර් රථය මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එම මෝටර් රථය රුපියල් ලක්ෂ 50 ක බැදුම්කරයක් මත ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් නියම කෙරිණි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්
(ලංකාදීප)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button