පළකල දිනය : Fri, May 10th, 2019

සිංහල බෞද්ධ ජනතාව ඉන්නේ බොහොම කළකිරීමෙන්

සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

ඊයේ (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීම තුළ ජනතාව බොහොම කළකිරීමෙන් සිටින බවත් උන්වහන්සේ හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි. එතකොට විශ්වාසයක් එනවා. උතුරු නැගෙනහිර තමයි අන්තවාදී මත ප්‍රකාශ කෙරුණේ. ජනතාවගේ විශ්වාසය දිනාගන්න එවැනි දේ කළ යුතුයි.

විශ්වාසය අංක එක විය යුතුයි. සිංහල බෞද්ධයින්ගේ ඉවසීම නිවටකමක් කියා නොසිතිය යුතුයි. විශ්වාසය දිනාගන්න වැඩකළ යුතුයි. තව සුළු කරුණකින් සමස්ත අපේ එකමුතු කම නැතිවෙන්න එපා. ඒනිසා මේ අවස්ථාව සුළු කොට සලකන්න එපා. ජනතාවගේ විශ්වාස නැතිවුණේ ඇයි කියලා හැමෝම හොයලා බලන්න ඔන.

රටේ සිංහල බෞද්ධ ජනතාව බොහොම කනස්සල්ලෙන් ඉන්නේ . මේ නිහඩතාවය සුළු කොට සලකන්න එපා. අපි විශ්වාසයෙන් යුතුව වෙසක් සමරන්න ඔන. සමාන්‍ය තත්වයෙන් රට පවත්වාගෙන යන්න රජයක් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි පක්ෂ බේදයකින් තොරව එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට පත්කිරමට අපි සහය දියයුතියි.

ඒ වගේම රාජ සන්තක කළ මුදල්වලින් කොටසක් විනාශයට පත්වුවන්ට ලබාදෙන්න කියලා යෝජනා කරනාවා. පවුල්වලට පල්ලිවලට ඒ මුදල් දෙන්න. ඒ වගේම ගලඩොඩඅත්තේ ඥාණසාර හිමි සිරබත්කෑම තුළ ජනතාව බොහොම කළකිරීමෙන් ඉන්නේ.උන්වහහන්සේ පුළුවන් ඉක්මණට නිදහස් කළ යුතුයි.”

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button