පළකල දිනය : Sun, May 12th, 2019

අපේ කාලයේ තවුහිද් ජමාද් ඇතුලට රජයේ ඔත්තුකරුවන් රිංගවා තිබුනා

තම පාලන සමයේ දී ය විවිධ අන්තවාදී කණ්ඩායම් තුලට රජයේ ඔත්තුකරුවන් රිංගවා සිටි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔවුනට රජය විසින් වැටුප් පවා ගෙවූ බවත් විවිධ දේ දී ඔවුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉතාමත් වෘත්තිමය සූක්‍ෂම බුද්ධි අංශයක් තම පාලන කාලයේ රට තුල පිහිටුවා තිබූ බවත් එය ජාත්‍යන්තරය පවා ඇගයීමට ලක්ව ඇති බවත් ඔහු සදහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ එහි ගිය අවස්ථාවේදීය.

ඡන්ද බලාගෙන කටයුතු කිරීමෙන් අනිකුත් ප්‍රශ්න සියල්ල අමතක වන බවත් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව ආරංචි වූ විගස නිලධාරින් පුහුණු කර නිලධාරින් දෙදෙනෙක් ඒ අතරට යවා තොරතුරු ලබා ගත් බවත් ඒ තොරතුරු ජාලය කඩා අක්‍රීය කර දැමිමෙන් තොරතුරක් පැමිණියද විශ්ලේෂණය කර නිවැරැදි තීන්දුව ගත නොහැකි බවත් ඡන්දය නිසා සියල්ලන්ගේම ඇස් අන්ධ වූ බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේසේ පැවැසුයේ ඊයේ (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණීමෙන් පසු මල්වතු, අස්ගිරි විහාර වලට ගොස් මහානායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් බැහැදැක පසුව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් හමුවු අවස්ථාවේදිය.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසිය.

‘‘අපිට මේ සංවිධාන ගැන දැනගත්තම අපි නිලධාරින් පුහුණු කරල නිලධාරින් දෙදෙනෙක් ඒ අතරට යැව්වා. ඒ නිලධාරින් ඔවුන් පසුපස ගොස් තොරතුරු සොයමින් සිටි ඔවුන් සමහර අය ගාව නිවෙස් අරගෙන පදිංචි වෙලත් හිටියා..

ඔවුන් මේ සංවිධාන ඇතුළටත් රිංගුවා. ඒ අය තොරතුරු ලබාදෙන නිසා අපි පඩිත් ගෙව්වා. ඒ අය ගන්න වෙලාව බලාගෙන හිටියේ ඒ අය දෙන තොරතුරු ජාලාවේ නිවැරැදි තොරතුරක් ලැබුනත් නිවැරැදි තොරතුර විශ්ලේශෂණය කර ගන්න බැහැ. දැන් මේ තොරතුරු මාරුතු මාසයේ ආවා. මෙහෙම එකක් එනවා කියලා අප්‍රේල් වල තොරතුරු ආවම 4 වෙනිදා, 5 වෙනිදා, 9 වෙනිද පොලිස්පති ගියා. පොලිස්පති මේක පල්ලෙහාට එව්වම පල්ලෙහා නිලධාරින් මේක බෙදනකොට ප්‍රචාරය කලේ නැහැ. මහජනයාට කිව්වේ නැහැ. මේක කියවලා තේරුම් ගන්න බැරිකම.මේක සැහැල්ලුවට ගත්තා. ගහන්න පැය 2කට කලිනුත් ඔත්තු සේවයෙන් දැනුම් දීලා තියෙනවා හරියට මේ සම්බන්ධව කටයුතු කළා නම් මේ ව්‍යවසනය නවත්වා ගන්නට තිබුණා‘‘ යැයි මහින්ද රජපක්ෂ මහතා පැවසීය.

පාසැල් විවෘත කිරීම සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දුන් මහින්ද රජපක්ෂ මහතා –

‘‘අපේ රටේ දරුවන්ව බිල්ලට දෙන්න බැහැ. රටේ ආරක්ෂාවක් නැති බව දන්න නිසා තමයි දෙමාපියන් දරුවන් පාසැල් එවන්නේ නැත්තේ. ආරක්ෂක අංශ ආරක්ෂක කටයුතු යොදවලා ඒ කටයුතු ඉවර වුනාම දැන් පාසැල්වල ආරක්ෂාව, රටේ ආරක්ෂාව හොඳයි කියලා කිව්වම තමයි පාසැල් විවෘත කරන්න ඕනෑ. දැන් පාසැල් ඇරලා තියෙනවා.. ළමයි නැහැ. ඉස්සෙල්ලම කියන්න ඕනෑ ඔය මැති ඇමැතිවරුන්ගේ ළමයි ඉස්සෙල්ලම පාසැල් එවන්න කියලා‘‘ යැයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදි මාධ්‍ය හමුවේ පැවැසීය.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ මෙසේ පැවසූහ.

‘‘රටේ හරි නීතියක් නැහැ. මේ පැත්තෙන් අල්ලනවා, අනික් පැත්තෙන් එළියට දානවා රටේ එක්කෙනකුට එක නීතියක්.. අනික් කෙනාට එක නීතියක් වෙන්න බෑ. රටේ දැන් තියෙන්නේ ආණ්ඩු දෙකක්. එක ආණ්ඩුවක් නීති පනවනකොට අනික් ආණ්ඩුව නීති කඩනවා. ඒ නිසා තමයි මේ රටේ මේ විනාශය සිදුවෙලා තියෙන්නේ..‘‘ යැයිද ගැඨඹේ හිමියෝ පැවැසුහ.

එහිදි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් විසින් ගැඨඹේ විහාරයේ විද්වත් කමිටුව මගින් සකස් කරණ ලද ඉදිරියේදි රජයක් විසින් ගත යුතු රටට හිතකර ක්‍රියා මාර්ග ඇතුළත් ලිපියක්ද මහින්ද රාජපක්ෂ මහතා හට පිලිගැන්විය.

මේ අවස්ථාව සදහා ගැටබේ රාඡෝපවනාරාම විහාරවාසී ශාස්ත්‍රාචාර්‍ය පූඡ්‍ය ගල්කැටිවෙල රතනවංස හිමියන්, පේරාදෙණිය ශ්‍රී භාරති පිරිවෙන් විද්‍යායතනාධිපති ශ්‍රෘසත්‍රවේදි පූඡ්‍ය අඹලියද්දේ සංඝරතන හිමියන් ඇතුලු මහා සංඝරත්නයද, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ, සී.බී. රත්නායක මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුලු දේශපාලඥයින් සහභාගි විය.

– විශේෂ චමිල් රූපසිංහ
(ලංකාදීප)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button