පළකල දිනය : Tue, May 14th, 2019

අගමැති හෙට්ටිපොලට යයි

වයඹ පළාතේ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුතා සමග එම පළාතට ඊයේ (13) පස්වරුවේ සිට යළි දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ හේතුවෙන් අද (14) දිනයේ වයඹ පළාතේ සියලූ පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.

වයඹ පළාතේ නොසන්සුන්තා ඇතිවූ ප‍්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඊයේ (13) ඇතිවූ නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ඊයේ් ඇතිවූ නොසන්සුන්තාවයේදී සිදුවූ හානි පිළිබඳ නිරීක්ෂණය සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ හෙට්ටිපොල ප‍්‍රදේශයට පැමිණියා.

කුලියාපිටිය ප‍්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කළ වාර්තාකරු සඳහන් කළේ සාමකාමී තත්ත්වයක් ප්‍රදේශය පුරා පවතින ආකාරය දැකගත හැකි බවයි. ප්‍රදේශයට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය පවතින බවද සඳහන් කළා.

පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් වයඹ පළාත් සභාව යටතේ ඇති සියලු රාජ්‍ය ආයතනවල සේවකයින්ට අද (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

ටෝනි කරුණානායක/උපේන්ද්‍ර සේරසිංහ
Source – නෙත්නිව්ස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button