පළකල දිනය : Tue, May 14th, 2019

බ්‍රිගේඩියර් අසාද් ඉසදීන්අපි හැමෝගෙම හිතට දැනෙන්න කියපු කතාව

පාස්කු ඉරිදා දින කතෝලික පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් සමාජය පිළිඉඳව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ විශ්වාසය බිඳවැටී ඇති නිසා එම විශ්වාසය යළි ගොඩනඟා ගැනීම වෙනුවෙන් මුස්ලිම් සමාජය විසින්ම ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බව බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසීය.

බ්‍රිගේඩියර්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පැවැත්වූ මුස්ලිම් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටනකදීය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළම දිස්ත්‍රීක් මස්ජිද් සම්මේලනයේ නිලධාරීන් මෙන්ම දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවද විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා මෙසේද කීය.

මාත් එක්ක පැමිණි අනෙක් නිළධාරී ඔක්කෝම අපි අවුරුදු 25 ක් 30 ක් විතර සේවයක් තියෙන නිළධාරීන්. අපි ඇත්තටම මේකට එන්නේ දුකින්. මොකද අපි යුද හමුදාවට බැදිලා ත‍්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මෙම සමාජයට නැත්තන්ම් ශ‍්‍රි ලංකාවට සාමය ගේන්න. සාමය ගේන්න ලොකු කැපකිරීමක් කරා.

ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත‍්‍රස්තවාදචාදී ප‍්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක ඔයගොල්ලන්ට මං දන්නේ නෑ කොහොම තේරුණාද කියලා. නමුත් තේරුම් ගන්න කාලය ඇවිත්. අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක.

ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න. මම මේ අවුරුදු 30 ගණනක් තිස්සේ යුද්ධ කරලා වැඩක් නැහැනේ. මුස්ලිම් නිළධාරීන් වශයෙන් ඒ සාමය අපිට ගේන්න බැරිනම්. අපි ඇවිල්ලා මුස්ලිම් සමාජය මේ ලංකාවේ අවුරුදු 1000 කට විතර එහා ගිය සමාජයක්. ඒගොල්ලන් කරපු වැඩ කොටස මුස්ලිම් සමාජය විසින් මේ ලංකාවට කරපු වැඩ කොටස ඉතාම විශාලයි. රජ කාලයේ පටන් රජ්ජ්රුවොත් එක්ක එකතුවෙලා මේ රට වෙනුවෙන් හොඳක් කරා. ඊට පස්සේ ආවා නිදහස වෙනුවෙන් අපේ කට්ටිය ලොකු වැඩ කොටසක් කරා.

ඊට පස්සේ අවුරුදු 30 ක් යුද්ධයක් ආවා. ඒක වෙනුවෙන් අපේ නිළධාරීන්, සොල්දාදුවන් සටන් කෙරුවා . විශාල සේවාවක් කරා. ඊට ප්සසේ මේ ඔක්කොම මේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔක්කොම මැකිලා යනවා. දැන් අපේ විස්වාසයක් නෑ. මේ සමාජයේ අපි මුස්ලිම් කතා කරන්න.

අපි කොච්චර සුදු ඇන්දත් අපි කොච්චර වැඩ කරත් අපිට මුස්ලිම් සමාජය කෙරෙහි විස්වාසයක් නෑ. ඉතින් ඒක දැන් විස්වාසය ගොඩ නගන්න ඕනෑ කාලයක් මේක. යුද්ධ හමුදාධිපතිතුමා කියන්නේ දැන් විස්වාසය ගොඩ නගන්න ඔය ගොල්ලන් ගිහින් කථා කරන්න සමාජයත් එක්ක එකතු වෙන්න කියලා. අඩුපාඩු තියෙනවානම් ඒවා හදාගන්න කියලා. ඒකට තමයි අද මම මෙතනට ආවේ. ඒක විශාල රාජකාරීයක් මට ඒ වගේම ඔයගොල්ලන්ටත්. මේ ශ්‍රි ලංකාව කියන්නේ එක ජාතියක්.

මේ රටේ ජන කොට්ඨාස රාශීයක් තියෙනවා. සිංහල,මුස්ලිම්,දෙමළ ඒ වගේම ක්‍රිස්තියානී අය වගේම තවත් විශාල ජන කොට්ඨාසයන් ඉන්නවා. ඒ ඔක්කොම අපි එක සහෝදරයෝ සහෝදරියෝ වගේ එක සමාජයක ඉන්නේ. ඉතින් මේක යාම්තාක් දුරකට අපෙන් ඈත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට පිළියමක් යොදන්න ඕනේ ඉදිරියේදී .ඉතින් ඒකට තමයි යුද්ධ හමුදාධිපතිතුමා කිව්වේ කතා කරලා මේ ගැන දැනුවත් කරන්න කියලා. අපි ඔක්කෝටම වගකීමක් තියෙනවා මේ රට ගැන. මේ වෙච්ච මිලේච්චජ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය විදිහට අපිට බැරි වුනා ඒක නවත්ත ගන්න.

ඒක තමයි දුක.මම කාත්තන්කුඩි ගියා. ඒ ගියපු වේලාවේ ඔය සහාරන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කරා.එහේ කට්ටිය ඔහු ගැන කිව්වේ එයා පොඩි කාලේ ඉදලම රැඩිකල් අන්තවාදී අදහස් තිබුණ කෙනෙක් කියලයි. එයාගේ ලොකුම ප්‍රශ්නේ තිබුනේ රමනාන් මාසේ අවුරුද්ද කවද්ද තියන්න ඕනේ කියන එක තමයි එයාගේ ප්‍රශ්නේ හැමදාම ඇවිල්ලා එයා ප්‍රශ්න කරනවාලු පල්ලියේ.කවද්ද මේක තියෙන්න ඕනේ. මේක සවුදි අරාබියේ වාගේ තියෙන්න ඕනේ කියලා. ඒගොල්ලන් කියන්නෙත් නෑ මේ දවස තමයි ඒකට දීල තියෙන්නේ කියලා. ඒත් එයා කැමති වෙන දවසක තියන්න.

ඒකට එකඟ වුනේ නැති හින්ද තමයි එයා අන්තවාදයට ගිහිල්ලා එයාම එකක් හදා ගත්තේ. ඉතින් ඔයගොල්ල අපි මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් අති වෙලත් මං දන්නෑ අපි ඔක්කොම එකතුවෙලා මේ ගැන කතා කරාද කියලා. එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇවිල්ලා අද හෙට වුණා, අප්‍රේල් 21 වුණා.තව මාස 2 කින් මේක ඉවර කරලා ඉන්න බෑ.

මේක අවුරුදු දෙක තුන හතරක්වත් මේ ගැන සමාලෝචනයක් යනවා. මේක ගැන අපි කතා වෙන්න වෙනවා. අපේ විශ්වාසය දිනා ගන්න වෙනවා. ඒ කාලේ මුස්ලිම් සමාජය තමයි විස්වාසවන්තම සමාජය. අපේ ගම්වල මම ඇවිල්ලා නුවර ගම්පොල පැත්තේ. ඒ පැත්තේ මුස්ලිම් අය ගැන තියෙන්නේ හුග විස්වාසයක්. කොළඹත් එහෙමයි.ඒ කාලේ අපි ගත්තොත් එහෙම හැම දෙයක්ම මුස්ලිම් අය ගැන තමයි විස්වාසය තියෙන්නේ.

ඉතින් ඒ තිබුණ විස්වාසය අදවෙනකොට කැඩිලා තියෙන්නේ. ඒක ගොඩ නගන්න විශාල කාර්යය භාරයක් කරන්න ඕන. ඉතින් ඒ කාර්යය භාර්යය කරන්න පුළුවන් මේ අද මෙතන පැමිණිලා ඉන්න මේ උගතුන්, වැඩිහිටියන්, මට කතා කරන්න පුළුවන් නමුත් අපි කතා කරත් මේක ගිහිල්ලා යම්කිසි කෙනෙක් කළ යුතුයි. මේ සමාජය වෙනස් කළ යුතුයි. මොකද මේ අන්තවාදී හත් දෙනෙක් අට දෙනෙක් මැරුණා.

තව ඉදිරියට නොඑන්න අපි වග බලා ගන්න ඕනෑ. එක තමයි යුද හමුදාව පැත්තෙන් නැතිනම් අපේ ආරක්ෂක අංශය පැත්තෙන් නැතිනම් ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් එහෙම මින් ඉදිරියට මේක නොවෙන්න කේසේද වැඩ කළ යුත්තේ. කොහොමද අපි අපේ ළමයින් හදා ගත යුත්තේ. කොහොදම මෙවැනි අන්තවාදී අය අය ඇති නොවෙන්න මොකද්ද අපි ගත යුතු ක්‍රියාමාර්ගය . අපි කෙසේද වෙනස් විය යුත්තේ කොහොමද අපි අපේ පොඩි ළමයි අපේ සමාජයට ගන්නේ. කොහෙද ඒ අයට නැතිවුණේ.

දැන් අපි ගත්තොත් ත්‍රස්තවාදී හය හත් දෙනෙක් තව 10 ක් 12 ඇති.ඒ අයට සල්ලි තිබුණා.ඒ අයට යම් කිසි ප්‍රමාණයක දැනුමක් තිබුණා.නමුත් ඒ ඔක්කොම ඇතෑරලා යන්න ඒ අයට යම් හේතුවක් තියෙන්න ඇති. අන්න ඒ හේතුව අපි හොයා ගන්න ඕනෑ.ඒ හේතූව අපි සමාලෝචනය කරලා අපි ඒ ප්‍රශ්නය හරි මාර්ගයට ගන්න ඕනෑ විදියට අපි හදා ගන්න ඕනෑ.මේක අදින් ඉවර වෙයිද නැත්තම් තව කවුරුත් ඉන්නවාද කොහොමද අපි ඒ කට්ටියව හදා ගන්නේ. කියන එක අපි කවුරුත් සලකා බැලිය යුතු කරුණක්. ඉතින් අපි ඒ මිලේච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරය තරයේ හෙළි දකින අතරම අපි කවුරුත් ඒකට කැමති නෑ.

මට හරි දුකයි.නමුත් දැන් මේක වෙලා ඉවරයි.මේකෙන් පස්සේ අපි ගැන හොයන්න එපා.අපි කොහොමත් දැන් මේකට අහු වෙලා ඉවරයි.නමුත් අපේ තව පරාම්පරාවල් තියෙනවා.අපේ ළමයින් ඉන්නවා. ඒක මේ ඉදිරියට යන ගමනක්. ඒකේදී ඒ කට්ටිය හරි හරි මාර්ගයේ යන්නට හදන්න ඕන.අපේ අද ඉන්න පරම්පාරාව ඒ වැඩේ හරියට කරලා නෑ.

නැත්තනම් මේ 250 දෙනෙක් මුස්ලිම් අයවළුන්නම් කමක් නෑ.අපිත් එක්ක තරහක් තියෙනවා කියලා හිතහදාගන්න තිබුණා. නමුත් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් සමාජයට කිසිම දේකට සම්බන්ධ නැති වෙනත් ආගමික වෙනත් ජන කොට්ඨාසයකට තමයි මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරේ.ඒකෙන් පේනවා ඒ කට්ටිය ගැන තියෙන අපේ අදහස් මොකද්ද කියලා ඒ ත්‍රස්තවාදීන් ළග තියෙන අදහස් තමයි ඒකෙන් පෙනෙන්නේ.

ඒකෙන් අපි ඉගෙන ගතයුතු විශාල කරුණු තොගයක් තියෙනවා. ඉතින් ඒ කරුණු තොගය ඕගොල්ලන් වැඩිහිටියන් විසින් පල්ලියේ භාරකාරයන් විසින් මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ පල්ලියෙන් . මම හැම තැනටම පල්ලිවට ගිහිලා කිව්වේ ඒකයි.මෙතනින් තමයි අපි ඔක්කෝම හරි මාර්ගයට එන්නේ. එතනින් වැරදුනාම මේ වාගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සෑම කෙනෙක්ම මේකට අපි වැඩිහිටියන් වශයෙන් වගකීම භාර ගන්නවා වගේම ඉදිරියට එන පරම්පාරාව තරුණ පරම්පරාව අපි හදාගන්න ඕනෑ.

මේ වාගේ නැවත කිසිදිනක නොවෙන්න. මොකද ලෝක ත්‍රස්තවාදය යන එකක් නොවෙයි. ඒක ඉදිරියට තියෙන එකක්. ඉතින් ඒකට අපි සෑදී පැහැදි ඉන්න ඕනෑ ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඒකට අහු නොවී ඉන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි ජාතික ආරක්ෂාව පැත්තෙන් සිදුවිය යුතු ලොකුම කරුණ.මේ එක දේකින් අපි මේ ප්‍රශ්නය මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි රටක් වශයෙන් අපි ඔක්කොම පස්සට ගියා.

ඉතින් ඔක්කොම අපි හුගක් දුරට ඒකට වග කියන්න ඕනෑ. ඉතින් ඕගොල්ල හිතල බලල මේක කථා කරන්න.මේක ඇත්තටම මම අපි හමුදාවේ හමුදාධිපති විසින් කිව යුතු කරුණු නොවෙයි. ඕගොල්ලන් එකතු වෙලා මේ වගේ ජන කොට්ඨාසයක් මේ වගේ සමති ටික එකතු වෙලා මේක කතා කරලා තියෙන්න ඕනෑ.මේ ගැන කතා කරලා මේකෙන් ගත යුතු කරුණු මොනවාද කියලා දැන ගන්න ඕනෑ.එතැනත් ප්‍රශ්නයක් තියෙනවා .

බෙදීම් බලන්න.ඒ කට්ටිය අතරේ තියෙන බෙදීම් එතන තියෙනවා ෂියා කණ්ඩායම් සුන්නි කණ්ඩායම් ඉන්නවා, සුන්නි කණ්ඩායම් අතරෙත් ඉන්නවා උලමා එතකොට තවුහිත් ජමාත් , ජහිරා එතකොට ජිහාරම් පාට්ටි කියලා ඉන්නවා මේ ඔක්කොම තියෙන්නේ බෙදීම්.ඒකෙන් තමයි ඇතිවෙන්නේ, අර මනුෂ්‍යත් ඒ ත්‍රස්තවාදියාත් කරේ යම් කිසි තැනකින් බෙදීමක් ගත්තා . ඊට පස්සේ කඩාගෙන ගියා. ගිහිල්ලා එයාගේ ඒ අන්තවාදී අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.

ඉතින් මෙතනදී එකක් කිව යුත්තේ මම ඊයේ පෙරේදා දැක්කා පාකිස්ථානයේත් මේ ප්‍රශ්නේම තමයි තියෙන්නේ.පකිස්ථානයේත් ෂියා මිනිස්සන්ට ගහනවා ඒ පැත්තෙන් කාදියා අයට ගහනවා.ඔතන ඒ ප්‍රශ්නේ. අපි කොහොමද කියන්නේ ඒගොල්ලන්ගේ ඊමාන් එකේ තත්වේ මොකක්ද ඒගොල්ලන් මුස්ලිම් ද නැත්ද කියන්නේ මොකක්ද අන්ත් කට්ටිය කොහොමද කියන්නේ මෙයා වැරදියි මෙයා වැරදියි කියලා.මම ඉගන ගත්ත දේ තමයි යුද්ධෙදිත් ඉගෙනගත් දේ තමයි මගේ ඊමාන් (විශ්වාසය) එක තියෙන්නේ මගෙයි දෙවියන් අතරෙ විතරයි.අනිත් කට්ටි ඒකට අදාල නෑ.

තව කෙනෙක්ගෙ ඊමාන් එක මෙයාගේ හොදයි මෙයාගේ නරකයි කියලා කියන්න ගියාම තමයි මේ තත්වේ ඇති වෙන්නේ .ඉස්ලාම් කියන්නේ සාමයේ පණියවිඩය මුවසලසමතුමා ඇවිත් කිව්වේ සාමය හැම එක්කෙනාටම .හැම කෙනාම සාමයෙන් බලන්න කිව්වා නමුත් අපි ඒක කරනවද කියලා මේ පල්ලියේ ඉන්න හැම එක්කෙනාම හිතලා බලන්න.අපිට කාටවත් අත දික් කරන්න බෑ.

තව කෙනෙක් දිහා බලලා ප්‍රශ්න අහන්න නෙවි. ඉතින් පළවෙනි එක තමයි වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්ගෙ ඊමාන් එක එක එක මට්ටමට හිතලා එක එක විදිහට හදා ගන්න පුඵවන්.නමුත් එක් ඒ ගොල්ලන්ගේ අල්ලාහ් දෙවියන් එක්ක තියන සම්බන්ධතාවය .ඉතින් අපි පළවෙනියට හිතන් ඕනේ අපි මුස්ලිම් සමාජය එකමුතු වෙන් ඕනේ ඔක්කෝම .ඒඅනුව එකතු වුනාම අනිත් ප්‍රශ්න ඔක්කොම දෙවියන් බේර ගත්තදෙන්. ඉතින් ඒ එකමුතුකම තියෙන් ඕනේ.එතකොට ත්‍රස්තවාදි අන්තවාදීන්ට එන්න බෑ. මොකද දන්නවාද එතකොට දන්නවා අපි එකට කියලා .

ඒක පළවෙනි එක.මාත් ඉතින් පල්ලි ගියාම ජමාත් එකේ කියලා කියනවා. ප්‍රශ්නෙවෙලා තියෙන්නේ ලංකාවේ ප්‍රශ්නෙ නෙවි. ප්‍රශ්නෙවෙලා තියෙන්නේ පලස්තීන ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක් සිරියානු ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්.යේමනේ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්.ඉරාකෙත් අපේ ප්‍රශ්නයක් .

මේ ප්‍රශ්නවලට උත්තරයක් තියනවා අල්ලාහ් දෙවියන් ළග.ඉතින් අපි දෙවියන්ට විශ්වාසය තිබ්බා නම් ඒ ඔක්කොම සමතයටකට පත් වෙනවා.මේක කළ යුතුයි. නැත්නම් මින් ඉදිරියටත් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. අපේ සමාජේ සිංහල ,දෙමළ, ක්‍රිස්තියානි මේ හැම එක්කෙනාම අපිට ආදරෙයි. මම අද මෙතෙන්ට ඇවිත් කතා කරන්නේ මට මුස්ලිම් කවුරුත් හිටියේ නෑ මෙව්වර දුරක් අවුරුදු තිහක් යුධ හමුදාවේ ඉදලා මං යුද්ධ කරනකොට මාව බලා ගත්තේ මුස්ලිම් අය නෙවි.

සිංහල සොල්දාදුවො. අපේ මුස්ලිම් අය හුගාක් අඩුයි. අපේ සමාජේ වගකීම මොකක්ද කියලා අපිම බලා ගන්න ඕන. මේවගේ ප්‍රශ්නයකට එකට මූණ දෙන්න ඕන .අපි ඊළග ප්‍රශ්නෙ දාන්නේ අපේ පල්ලිවල.අද පල්ලි ගත්තම තියෙන්නේ හරියට පාවිව්වි කරන්නේ දවස් හතරයි මාසෙටම. සිකුරාද දවසෙ පල්ලියම පිරිලා තියෙනවා ඊට පහුවෙනිදා බලන්න මුලු පල්ලියම හිස්.දැන් ඇමරිකාව වගේ රටක පල්ලියක් එහෙම හදන්න බෑ .එතැන්ට මිනිස්සු එන් ඕනේ.ඇවිත් එක පාවිව්වි කරන්න ඕන.මේ වගේ අවස්තාවකදීවත් එකතු වෙලා කතා කරන්න තැනැක් නෑ .

කවුරුත් එන්නෙත් නෑ. මේ වගේ තැනක් හදන්න කියන්නේ පාවිව්වි කරන්න.අපි ජන කොට්ටාශත් එක්ක හැසිරෙන්න ඕන.අපි සිංහල අවුරුද්දට ගිහින් එගොල්ලෝ එක්ක සෙල්ලමක් කරන්න ඕන.මේවා හැදෙන්න ඕන මේවා තමයි යතාර්තය.ඔය ප්‍රශ්නෙම ආවා මූතුර්වලත් හමුදාවේ කට්ටිය බල්ලොත් එක්ක පල්ලිය ඇතුලට ඇවිත් මේවා කරා කියලා. මම ඒකට උත්තරයක් දුන්නා.ඕ ගොල්ලෝ මේ ගැන හොයලා බලන්න ඇයි මේක වෙයන්නේ කියලා. මේක පළවැනි එක නෙවෙයි.

ග්‍රීස් යකාගෙන් පටන් ගත්ත ගමන් හැමදාම මොකක් හරි වෙනවා. මෙතනන් එහාට මොකක් වෙයිද කියලා හොයලා බලන්න ඕන. අපි සමාජයත් එක්ක එකතු වෙන්න ඕන සමාජයත් එක්ක ගැවසෙන් ඕන.සමාජේ විස්වාසය දිනා ගන්න ඕන. මේ සමාජේ හැම එක්කෙනාම අපේ සහෝදරයෝ .ඒ නිසා මේ වගේ දෙයක් මින් ඉදිරියට වෙන්න බෑ.ඉතින් අපිට ලොකු වගකීමක් තියනවා මේ සමාජේ ගැන.ඉතින් ඒ වගකීම අපි ඉෂ්ඨ කරන්න ඕන මුස්ලිම් සමාජයක් හැටියට. යැයි බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් මහතා පැවසීය.

– Army midea

  • 995
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button