පළකල දිනය : Thu, May 16th, 2019

හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න

මෙරට ඇති සියළු ඉස්ලාම් දේවස්ථාන පරික්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ වලට ඉඩ දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මෙරට ඉස්ලාම් දේවස්ථාන තුළ කඩු ඇතුළු ආයුධ සඟවාගෙන සිටින්නේ යැයි සිංහල සමාජය සහ සෙසු සමාජයන් බියපත් වී සිටින බවත් එය මුස්ලීම් සමාජය සහ සිංහල සමාජය අතර සහජීවනය සාමය ඇති වීමට දැඩි බාධාවක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය යුද සමයේදී ද උතුරේ සහ රටේ සියළු ප්‍රදේශ වල අවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ආගමික ස්ථානයන් සෝදිසි කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවද සිහිපත් කළ ඔහු ඒ ආකාරයෙන්ම මේ රට තුල ඉස්ලාම් දේවස්ථාන සම්බන්ධයෙන් ඇතිව තිබෙන සැක සංකා දුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ලවා සියළු ඉස්ලාම් දේවස්ථාන සොදිසි කිරිමකට ලක් කළ යුතු බවත් සඳහන් කළේය.

අද වන විට ඉස්ලාම් දේවස්ථාන ත‍්‍රස්තවාදී අවි ගබඩා ලෙස පොදු සමාජයේ මතවක් ඇතිව බවත් එය දුරු කිරීම සදහා මෙම ප‍්‍රසිද්ධ සෝදිසි කිරීම් අත්‍යවශ්‍ය බවත් ඔහු සදහන් කලේය.

එම සෝදිසි කිරීම් සඳහා සියලු මාධ්‍ය ද රැගෙන යන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර මෙම ක්‍රියාව සඳහා මෙරට මුස්ලිම් විද්වතුන් දේශපාලකයන් සක්‍රීයව මැදිහත් විය යුතු බවද කියා සිටියේය.

එමෙන්ම ඉස්ලාම් දේවස්ථාන ආගමික සිද්ධස්ථානයක් වන නිසා ආරක්ෂක අංශ ඊට ඇතුළු වීමේදී නිසි ගෞරව සහිතව ඇතුළු වන ලෙසද ඔහු ආරක්ෂක අංශ වෙතින් ද ඉල්ලා සිටියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button