පළකල දිනය : Thu, May 16th, 2019

වෙච්ච දේවල් ගැන රෝසි කියපු කතාව

මුස්ලිම් මෙන්ම සිංහල අන්තවාදයකටද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවති වැඩ සටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

සියලු මුස්ලිම් ජාතිකයින් අන්තවාදීන් නොවන බවත් පැවසු ඇය අපි අතරේ අපි සමඟ බොහෝ අය මුස්ලිම් ජනතාව සිටින බවත් අද වන විට විවිධ බලපෑම් තුළින් සිංහල අන්තවාදීන් නැගිටලා සිටින බව ද සඳහන් කළේය.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් නැගිටිය යුතු බව ද රෝසි සේනානායක මහත්මිය කියා සිටියේය.

ජාතික ගීතය ඉතා ආඩම්බරයෙන් ගායනා කළ යුතු බවත් අපි එහි අරුත අනුව කටයුතු කරනවා නම් ජීවිතයකට හානියක් කරන්නේ කෙසේ ද යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button