පළකල දිනය : Fri, May 17th, 2019

ආරක්ෂාවට මුවා වී මැතිවරණ කල් දැමීමත් වෙනදේ මැ.කො කියයි

රටේ පවතින වත්මන් තත්ත්වයට මුවා වී මැතිවරණ කල් දැමීමට තමන් විරුද්ධ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පවසා තිබුණා.

එහිදී ආරක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එයද නීති උල්ලන්ගනයේ කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

ආරක්ෂක තත්ත්වය නිසා ඡන්ද විමසීමක් කල් දැමිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද, ආරක්ෂක අංශ රටේ ඇති වූ අයහපත් තත්ත්වය බොහෝදුරට පාලනය කර ඇති නිසා ඡන්ද විමසීමක් සිදු කළහොත් ඊට පසුබිම ඇති කිරීමට එම අංශවලට හැකි බව විශ්වාස කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබුනා.

මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය කැඳවිය හැකි බවද වැඩිදුරටත් කරුණු දක්වමින් සභාපතිවරයා කියා තිබුනා.

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button