අපේ කොල්ලා නිර්දෝෂීයි – හමුදාපති ලොවටම කියයි
පසුගිය 13 වැනිදා නාත්තන්ඩිය තුම්මෝදර ප්රදේශයේ දී රාත්රී කාලයේ සිදු වූ ක්රියා අතරතුර හමුදා සෙබළකු එහි සිටි පිරිසකට දුන් හස්ත සංඥාව සම්බන්ධයෙන් හමුදා සෙබළා නිර්දෝෂී යැයි හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
අවස්ථාවේදී සිදු වී ඇත්තේ හමුදා හස්ත සංඥාවක් ලබා දීමක් නොව තම ගිනි අවියේ පටිය සකස් කර ගැනීමක් බවත් එය පටිගත වී ඇත්තේ වෙනත් ආකාරයකට බවද හමුදාපතිවරයා පැවසීය.
මේ පිළිබඳව යුද හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම වීඩියෝව පුළුල් තිරයක කිහිප වරක්ම පරීක්ෂා කිරීමේ දී මේ බව හෙළි වූ බව ද හමුදාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කර ඔවුන් දැනුම්වත් කළ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
ශ්රී ලංකා හමුදාවන්ගේ නිර්දෝෂී බව මුළු ලෝකයටම ඉදිරිපත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Source – Lanka C News



ඔබගේ අදහස් උදහස් එක්කරන්න