පළකල දිනය : Sat, May 18th, 2019

ඇමති සජිත් මහින්දට එකග වේ

ආණ්ඩුව විසින් යෝජනා කර ඇති පනත වහාම නතර කල යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

30 වසරක යුද්දය ජය ගැනීමට ඉවහල් වූ පනත එලෙසම තබාගත යුතු බවත් ඇමතිවරයා කියයි.

නව පනත්වලින් ජාතික ආරක්‍ෂාව රැකගන්නට බැරි බවත් කී ඔහු ජාතික ආරක්‍ෂාව නැති කරගෙන රැකගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ මානව හිමිකමක් නැති බවත් සදහන් කලේය.

එනිසා කල යුත්තේ අවශ්‍ය නම් තිබෙන පනත තවත් ශක්තිමත් කිරීම බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමද දරන්නේ මේ හා සමාන අදහසකි.

නව පනත ඉක්මනින්ම ගෙන ආ යුතු යයි පෙනී සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button