පළකල දිනය : Mon, May 20th, 2019

ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර

මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වැනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වැනිදා දෙසැම්බර් මස 07 වන දින පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියේ ය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Source – Lanka C News

  • 1.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button