පළකල දිනය : Tue, May 21st, 2019

ජනපතිගේ කමිටු වාර්තාව යටගසා ඇති බව කියයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වගකිව යුත්තන් කවුරුන්ද යන්න හෙළිදරව් වන හෙයින් ඵ් සඳහා ජනාධිපතිවරයා පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව මේවනවිට යටගසා තිබෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ (20) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේය.

බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන හොයන්න ජනාධිපතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. දැන් මේ වෙලාවෙ අපි අහනවා ඒ පත්කල ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ? ඒ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව යටගිහිල්ලා.‘ යැයි පැවසීය.

(ක. ග.කරුණාරත්න)
(ලංකාදීප)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button