පළකල දිනය : Wed, May 22nd, 2019

තමන් හා තම පක්‍ෂයේ සියළු දෙනා ඉල්ලා අස්වන බව බදියුදීන් කියයි

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමතිධූරය අතහැරීමට සූදානම් බවත් ඇමති රිෂාද් බදියුදීන් මහතා සඳහන් කර ඇත.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී බදුර්දින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමනට විරුද්ධව ගෙන විත් ඇති විශ්වාසභංග යෝජනාවේ චෝදනා අසත්‍ය බව ද ඔහු සඳහන් කර තිබේ.

විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇත්තේ තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බවද බදුර්දීන් මහතා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්නැයි තමන් හමුදාපතිට බලපෑම් කළේ නැති බවත් හමුදාපතිට දුරකථන ඇමතුමක් දී සැකකරුවකු ගැන තොරතුරු පමණක් දැන ගැනීමට කටයුතු කල බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

තමනට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට මුහුණදීමට තමන් කිසිසේත්ම බිය නැති බවද ඔහු තවදුරටත් කියා තිබේ.

ජනාධිපති හෝ අගමැති ඉල්ලා සිටින්නේ නම් තමන් පමණක් නොව තම පක්ෂයේ සියලු දෙනා තනතුරැවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු පවසා ඇත.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button