පළකල දිනය : Wed, May 22nd, 2019

ව‍රදක් නොකරපු රිෂාඩ්ට ගහන එක අසාධාරණයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදි තමන් ඇතුලු එජාපය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඊයේ දින (21) මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා පැවසූවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් කිසිඳු වරදක් කර නොමැති බවත්, එවැනි පුද්ගලයෙකුට මෙලෙසින් පහර දීම අසාධාරණ බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අදහස් දැක්වූවේ

“අද රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා ඉතාමත් සංවේදි විදියට කතා කළා මේ ගැන, ඉතින් මන් හිතන්නේ එක්සත් ජාතික පක්ෂේ සියලූම දෙනා එතුමට විශ්වාසභංගයේදි සහය ලබා දෙනවා, එයාට විරුද්ධව කිසිම දෙයක් හොයාගෙන නෑ, මම හිතන්නේ නෑ එහෙම සාධාරණයි කියලා වැරැද්දක් කරපු නැති කෙනෙක්ගේ පස්සේ ලුහු බැඳලා යන එක, එයාව බ්ලැක් ලිස්ට් කරලා ගහන එක හොද නෑ” යනුවෙනි.

Source – නෙත්ගොසිප්

  • 860
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button