පළකල දිනය : Thu, Jun 13th, 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තරුණ නායකයා මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව කියන ප්‍රභල දේශපාලන චරිත කිහිපයකගේම නම් මේ වන විට කතාබහට ලක්වෙද්දී තරුණ දේශපාලඥයෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වුනා.

ඒ අනුව කළ සොයා බැලීමකදී මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව අනාවරණය වුනා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරමින් රට සංවර්ධනය කිරීමේ වගකීම භාර ගැනීමට තමන්ට ආත්ම විශ්වාසයක් පවතින බවයි.

ඇයි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හිතන්නෙ…?

අවංක නායකයින්ගේ හිස්තැනක් තියෙනවනෙ. අපි අලුත් දයක් මේ රටට කරන්න ඕන. මොකද වෙන රටවල් සහ අපේ රට ගත්තහම මම හිතන්නෙ නෑ මේ රට තව අවුරුදු 100 කින් වත් දියුණු රටක් බවට පත් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ සිස්ටම් චේන්ජ් එක අනිවාර්යෙන්ම සිද්ද කරන්න ඕන. මොකද අපි තරුණයො විදියට මේ සිස්ටම් එක චේන්ජ් නොකරනතාක් කවුරු ආවත් මම හිතන්නෙ නෑ වෙනසක් වෙයි කියලා.

ඒ චේන්ජ් එකට යම්කිසි මතවාදයක් ඇතිකරන්න අපි ජනාධිපති උනත් නොවුනත් අපේ මිනිස්සු තේරුම් ගන්න ඕන මේ රටේ වෙන්න ඕන මොකක්ද කියලා. ඉස්සර කාලෙ මිනිස්සු කැපුවත් කොළ කැපුවත් නිල් කියලා ඡන්දෙ දුන්නට අපේ රටට 1948 ඉඳලා මේ දක්වා හරි ගියේ නෑ. ඒ වෙනස කරන්න ඕන. ඒක තමයි මගේ බලා පොරොත්තුව.

මොන පක්ෂයෙන්ද ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ…?

දේශපාලන පක්ෂයක් තියෙනවා. නමුත් දැනට මම ඒක මම කියන්නෙ නැහැ. මොකද යම් කිසි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. කොහොම වුනත් මැතිවරණය වෙලාවට මගේ පක්ෂය සහ ළකුණ මම ඉදිරිපත් කරනවා. ස්වාධීන කණ්ඩායම 02 යටතේ මහරගම ජයග්‍රහණය කරා වගේ රටම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව.

මොනවද ඔබේ ප්‍රතිපත්ති..?

ලංකාවෙ ඉන්නවා ලක්ෂ 18 ක රාජ්‍ය සේවකයො පිරිසක්. මම හිතනවා ඒ රාජ්‍ය සේවකයො හරියට හැදුවොත් මේ රට හදන්න පුළුවන් කියලා.මොකද රාජ්‍ය සේවකයන්ගෙ ලොකු දුර්වලතාවයක් තියෙනවා ඩැඩක් කරගන්න ගියාම පැය ගානක්, දවස් ගානක් යනවා. නිසි පුහුණුවක් නෑ විධිමත් වීමක් නෑ. පිරිසිදුකමක් නෑ. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, පුරන් වූ කුඹුරු අස්වැද්දීම, ඒ වගේම මාර්ග සංවර්ධනය කොන්ත්‍රාත් පදනම මත සිදුවන නිසා රටේ සල්ලි වලින් බාගෙට භාගයක් මිනිස්සුන්ගෙ සාක්කු වලට යන්නෙ. එතකොට රටේ කුණු ප්‍රශ්ණයට කිසිම විසඳුමක් නෑ, හැම තැනම කුණු දානවා. රටේ මාර්ග තදබදයට කිසිම විසඳුමක් නෑ. ඉතිං ඒ වගේ දේවල් හදන්න මට පුළුවන්. මට විශ්වාසය තියෙනවා මගේ ගැන.

මේ වෙද්දි දේශපාලනයේ ප්‍රභලයින් ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවට මත පලවෙලා තියෙනවා. ඔවුන්ට අභියෝග කරන්න ඔබට පුළුවන්ද…?

අනිවාර්යෙන්ම පුළුවන්. එහෙම අභියෝගයක් දෙන්න බැරිනම් මම ඉදිරිපත් වෙන්නෙත් නෑ. මොකද මම තාම මාධ්‍ය මඟින් ජනතාව අතරට ගිහින් නෑ. කොහොම උනත් ගොඩක් මාධ්‍ය මට සහය ලබා දෙන බවට පොරොන්දු වෙලා තියෙනවාත. ඉතිං ඒ ඔස්සේ මම හිතනවා මගේ මතවාදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button