පළකල දිනය : Sat, Jun 15th, 2019

සිංහල – දෙමළ ව්‍යාපාරිකයන් එක්වන්න

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ඒකාබද්ධ වෙළද පෙරමුණක් ගොඩනගන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය යාපනය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

එහිදී නැගෙනහිර පළාතේ ද්‍රවිඩ පාසල් වලට පවා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පත්වීම් ලබා දී තිබෙන්නේ ඉස්ලාම් පුද්ගලයන්ට බවද රතන හිමියන් මෙහිදී පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල සහ දෙමළ ජනතාව එක්විය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියන්,

“මම මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට ගියා. එහේ පාසල් වල තත්ත්වය මොකක්ද? දමිල ගුරුවරුන්ට රැකියා නැහැ. හිස්බුල්ලා කරලා තියෙන්නේ නැගෙනහිර පළාත්වල සියයට 70ක් පමණ ගුරුවරුන් පත්කරලා තියෙන්නේ මුස්ලිම් අයයි.

මම අද කියනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිස්බුල්ලා කරලා තියෙන මාරු කිරීම් වලින් දමිල ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් කරලා තියෙනවා. මඩකලපුව ප්‍රදේශයේ ගුරුවරුන්ට රැකියා දෙනකොට දමිල ගුරුවරුන්ට අවස්ථාව දෙන්න කියලා.

මම කියන්න කැමති හින්දු-බෞද්ධ එකමුතුවත්, සිංහල දමිල ව්‍යාපාරික එකමුතුවත් ඉක්මනින්ම ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලු ඇමතිකම් මුස්ලිම් අය ලබා ගන්නවා. ඒ අය නැගෙනහිර පළාතේ එයාලගේ බලය වැඩිකරගෙන තියෙනවා.

අපි දෙගොල්ලෝ එකතු වුනොත් එහි එකතුව සියයට 90ක් වනවා. එතකොට ඔය ඉතිරි සියයට 10ට අපි බයවෙන්න ඕනේ නැහැ. මධ්‍යස්ත මුස්ලිම් අයටත් අපි කියනවා කැමතිනම් ඔය අන්තවාදයෙන් මිදිලා අපිත් එක්ක එකතු වෙන්න කියලා” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button