පළකල දිනය : Sun, Jun 16th, 2019

තජිකිස්තානයේ සිට ජනපති ආ සැණින් ජනමත විචාරණයක් ?

මේ දිනවල නිල විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පැමිණීමෙන් පසු ජනමතවිචාරණයක් පැවැත්වීමට සූදානම් වන්නේ යැයි තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේය.

එහිදී ජනතාවගෙන් විමසනු ලබන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව බවද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසද ඉල්ලා සිටි ඔහු ඊට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදීමටත් ඡුන්දය ලබාදීමට සූදානම් බවද කීය.

කෙසේ වෙතත් ජනමතවිචාරණ මුවාවී ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල තජිකිස්තානයේ නිදා සංචාරයක යෙදී සිටින්නේ සමුළුවකට සහභාගී වීම සදහායි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button