පළකල දිනය : Mon, Jun 17th, 2019

අස්ගිරි නාහිමිගෙන් සුවිශේෂී ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරය නොකරන බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරිරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද සඳහන් කළේය.

“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ. මේ රටේ ජනතාවට ආදරේ නෑ කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.

අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ ඇතිවෙන්න දෙයකුත් නෑ නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඒකයි අපේ පරමාර්ථය.

භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනත් කතා කරන්නෙ අපි නිහඬව හිටියා නෙමෙයි අපි ආපු හැම නායකයෙකුටම කිව්ව අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තෙ මේ දේ කියල.

ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.”

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button