පළකල දිනය : Mon, Jun 17th, 2019

රාවනා -1 සාර්ථකව කක්ෂගත කෙරේ

මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවනා 1 කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරුණා. ඒ, නේපාල හා ජපාන චන්ද්‍රිකා 2ක් ද සමගින්.

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කල මෙම චන්ද්‍රිකාව අන්තර්ජාතික ගඟන මධ්‍යස්ථානයෙන් නික්මුනේ පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයක ස්ථානගත කිරීමටයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට පැමිණ එම අවස්ථාව සජීවිව නැරඹීමටද අවස්ථාව උදාකර දී තිබුණා.

රාවනා 1 චන්ද්‍රිකාව නාසා ආයතනයට අයත් මධ්‍යම අත්ලාන්තික් කළාපීය අභ්‍යවකාශ පර්යන්තයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබුවේ පසුගිය අප්‍රේල් 19 වනදායි. ඒ, ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සටහන් කරමින්.

කිලෝග‍්‍රෑම් 1.05 බරැති ‘‘රාවණා 01’’ නමැති මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරක්.

හේමන්ත කහවලගේ
Source – නෙත්නිව්ස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button