පළකල දිනය : Tue, Jun 18th, 2019

ඊශ‍්‍රායලයේ යාමම් බළකාය සුපිරි රහස්

2014 ජුනි මස අයිඑස් සංවිධානය සිරියාවේ සහ ඉරාකයේදී ආරම්භ විය. ඒ සමගම අයිඑස් සංවිධානය අමිත් අල් කර්ජි නමින් සිය විදේශ බුද්ධි සේවාව දියත් කෙරුණි.

2014 සැප්තැම්බර් මස අයිඑස් ප‍්‍රකාශක අබු මොහමඞ් අල් අබ්නානි විසින් බටහිර රටවල් වලට ප‍්‍රහාර එල්ල කරන ලෙස නියෝග කරනු ලැබීය.

මේ වනවිට අයිඑස් සංවිධානය රටවල් 34 කට ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඉන් ප‍්‍රහාර රැසක් එල්ල කර ඇත්තේ ප‍්‍රංශයටය.

ප‍්‍රංශය, ඇමරිකාව, ජර්මනිය, තුර්කිය බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියාව, ජෝර්දානය, බෙල්ජියම, සිරියාව, බංගලාදේශය, ඊජිප්තුව, ඉරාකය, සවුදි අරාබියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ලෙබනනය, ටියුනීසියාව, කුවේටය, රුසියාව, යේමනය, ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, බොස්නියාව, ඉන්දියාව, කසක්ස්තාන්, කෙන්යාව, ලිබියාව මැලේසියාව, මොරොක්කෝ, පාකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව අයිසිස් සංවිධානය ඇමරිකාවට ප‍්‍රහාර 15 ක්ද ජර්මනියට ප‍්‍රහාර 12 ක්ද එල්ලවී තිබේ.

එහෙත් අයිඑස් සංවිධානය බිය දක්වන්නේ ඊශ‍්‍රායලයටය. අයිසිස් ප‍්‍රකාශකයෙක් පැවසුවේ ඊශ‍්‍රායලයට ප‍්‍රහාර එල්ල කළහොත් බියකරු ප‍්‍රතිඵල අත්වන බවයි.

අපි ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊශ‍්‍රායලය ඊට වඩා දහ වරක් බලය යොදවා මහා විනාශයක් කරනවා. අපට ඊශ‍්‍රායලය සමග සටන් කළ නොහැකියි. මොසාට් බුද්ධි සේවාව සෑම රටකම බලවත්ව කි‍්‍රයාත්මක වෙන නිසා අයිඑස් සංවිධානය ඊශ‍්‍රායලයට එරෙහිව කි‍්‍රයාකිරීමෙන් වළකිනවා යයි හෙතෙම පළ කළේය.

2005 දෙසැම්බර් 27 අයිඑස් සංවිධානයට සම්බන්ධ අල් සර්බි සංවිධානය දකුණු ලේබනනයේ සිට ඊශ‍්‍රායලයට කට්පුෂ්කා රොකට් ප‍්‍රහාර එල්ල කළත් එය සාර්ථක වූයේ නැත.

මේ වන විට අයිඑස් ප‍්‍රහාර 148 ක් ලොව පුරා සිදුවී ඇතත් එල්ල වී ඇති ප‍්‍රහාර සංඛ්‍යාව ඊට වඩා වැඩි බව වාර්තා වී ඇත. ලන්ඩන් නුවර ක්ලයි ඕර්මන් ලේඛකයා හෙළිකරන අන්දමට අයිඑස් සංවිධානය බිහිවූයේ ඉරාකය සහ ලිබියාව විනාශවීමෙන් පසුවය.

ඇමරිකානු සී අයි ඒ සංවිධානය සිරියාවේ බෂීර් අල් අසාද් රජය පෙරළා දැමීම සඳහා විවිධ ගරිල්ලා කණ්ඩායම් වලට සැපයූ අවි ආයුධ අයිඑස් කණ්ඩායමට ලැබී ඇත. එසේම අයිඑස් අයි එස් සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩි සී අයි ඒ සංවිධානයේ නිර්මාණයකි.

එහෙත් ඔහු භාවිත කරන පි‍්‍රයතම අවිය වූ ඒ. කේ. 47 හෙවත් කාලෂිනකෝයි ප‍්‍රහාරක අවියයි. මෑතකදී හෙළිවූ තොරතුරුවලට අනුව අබු බකර් අල් බාග්ඩෑඞී ලිබියාවේ සිටින බවට වාර්තා වී තිබේ.

ලිබියාවේ සිටින බව කියන බැග්ඩැඞී අල්ලා ගැනීමට ඇමරිකානු සී අයි ඒ සංවිධානයට නොහැකි මන්ද යන ප‍්‍රශ්නය පැන නැගී තිබේ.

ලිබියාවේ සියලූ දුරකථන සබඳතා වලට සීඅයිඒ සංවිධානය සවන්දෙයි. එසේ නම් අබු බකර් අල් බැග්ඩෑඞී සී අයි ඒ කොන්ත‍්‍රාත්කරුවෙක්ද?

වරක් ඉරාකයේ අසුවූ අල්බැග්ඩෑඞී නිදහස් කිරීමට ඇමරිකාව කි‍්‍රයාකළේය. මේ අතර ඉන්ටර්පෝල් සහ යුරෝපෝල් වැනි ජාත්‍යන්තර පොලිස් සංවිධාන පැවසුවේ අයිසිස් පුහුණුව ලැබූවන් තම රටවලට ගොස් අයිසිස් ප‍්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවයි. මෙයට සමානව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හෙළිකළේ මාලදිවයිනේ සිටද 50 කට අධික පිරිසක් සිරියාවට ගොස් ඇති බවයි. මෙවන් පසුබිමක් මැද ඊශ‍්‍රායලය විසින් අයිසිස් ප‍්‍රහාර ගැන සෙවීමට වෙනම ඒකකයක් ආරම්භ කර තිබුණි.

මේ ඒකකය Yamam නමින් හඳුන්වනු ලැබීය. ලොව බිය නැති මර්දන ඒකක අතර යාමම් කණ්ඩායමට අග‍්‍රගනයේ ස්ථානයක් හිමිවී ඇත.

යාමම් ඒකකයේ (Yamam) සාර්ථකත්වය නිසා ලොව රටවල් රැසක් එවන් පොලිස් ඒකක තමන්ට පිහිටුවා දෙන ලෙස ඉල්ලා සිටි බව හිටපු ඊශ‍්‍රායල මහජන ආරක්‍ෂක ඇමැති ශිලාද් අර්බන් හෙළිකළේය.

ඊශ‍්‍රායල් රජය තවදුරටත් පැවසුවේ මෙම යමාම් මර්දන ඒකකය නිසා ඊශ‍්‍රායලය ආරක්‍ෂාවී ඇති බවයි.

සතුරන් කොයි මොහොතේ හෝ අපට ප‍්‍රහාර එල්ල කළ හැකියි. ඒ නිසා අප සූදානමින් සිටිනවා යයි යමාම් ඒකකය මෙහෙයවන නිලධාරියා කියා සිටියේය.

ටෙල්අවිව් ප‍්‍රදේශයේ රහසිගත ස්ථානයක සිට කි‍්‍රයාත්මක යමාම් මර්දන ඒකකය ජී.පී.එස්. උපාංගවල සඳහන් නොවේ. ඒ සඳහා ඊශ‍්‍රායල් මොසාට් සේවාව මෘදුකාංගයක් නිපදවා තිබේ. මේ අධිතාක්‍ෂණික මෘදුකාංගය නිසා අයිසිස් හෝ වෙනත් සතුරන්ට යමාම් මර්දන මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කළ නොහැකිය. එසේම යමාම් මූලස්ථාන ප‍්‍රදේශයේ සැරිසරන අහසේ සියලූම විද්යුත් උපාංග අක‍්‍රිය වේ.

ඊශ‍්‍රායලයේ යමාම් මර්දන ඒකකයට තමන් ගිය බව ජර්මානු මාධ්‍යවේදියකුට මුලින්ම හෙළිකර ඇත්තේ අයිසිස් සංවිධානයයි.

ජර්ජන් නොටෙන් හොපර් නමැති ජර්මානු මාධ්‍යවේදියා දින 10 ක් අයිඑස්අයිඑස් සමඟ රැඳී සිටිමින් ඔවුන්ගේ තොරතුරු විමසා තිබුණි.

අයිඑස්අයිඑස් සංවිධානය තවදුරටත් පවසා ඇත්තේ ඊශ‍්‍රායල හමුදාව තමන්ට බරපතළ අනතුරක් බවයි.

මෙම ප‍්‍රකාශයට පෙර අයිසිස් නායකයාවූ අබු බකර් අල් බැග්ඩෑඞී පැවැසුවේ අල්ලාගේ සහයෙන් ඊශ‍්‍රායලයට ප‍්‍රහාර එල්ල කරන බවයි. එහෙත් මේ දක්වාම ඊශ‍්‍රායලයට ප‍්‍රහාර එල්ල කිරීමට අයිඑස් අයි එස් සංවිධානයට නොහැකිවිය.

ඊට මූලික හේතුව යමාම් මර්දන බළකායයි. මේ යමාම් මර්දන ඒකකයේ සියළු කි‍්‍රයා අබිරහසකි. නියෝග දෙන්නේ කවුද? නියෝග කි‍්‍රයාත්මක කරන්නේ කවුද යයි ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුව පවා ඉනොදනී.

කීර්ති වර්ණකුලසූරිය
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button