පළකල දිනය : Fri, Jun 21st, 2019

ආණ්ඩුව පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටිනවා

ආණ්ඩුව පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

විදෙස් මාධ්‍යව්දීන් අමතමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ ආණ්ඩුව කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියන්,

“..ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා.මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා

හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ..‘‘ යනුවෙන්ද සඳහන් කළේය.

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button