පළකල දිනය : Sun, Jun 23rd, 2019

හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට කරුණු ප‍්‍රමාණවත්

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට හදිසි නීති රෙගුලාසි යටතේ සාකච්ඡා අවශ්‍ය නොවන බව අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා කියා සිටියේ එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනිම සඳහා වන සාකච්ඡා සඳහා තමන් සූදානම් බවයි.

හිටපු ආණ්ඩුකාරවරයාගේ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි මේ බව සඳහන් කළා.

අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය තීරණයක් ගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සමන්ත කුමාර/සජිත් තිලකරත්න
Source – නෙත්නිව්ස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button