පළකල දිනය : Mon, Jun 24th, 2019

ඇඟලුම් යුවතියෝ ගැන ඔබ මොනවද හිතන්නේ ?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඇත්තටම මොකද හිතෙන්නේ? මේ දවස් වල නම් ඉතින් එහෙම ආර්ථිකයක් කියලා දෙයක් තියෙනවා ද කියලා හිතෙන තරමටම රට අවුල් ගිහින් කියලයි කට්ටිය කියන්නේ. ඒ වගේම රටේ ජිවත් වෙන මිනිස්සුන්ට දැනෙන්නේ. හැබැයි මේ කාරනාකොහොම වුනත්,කවදත් රට ගැන හිතන, රටට වැඩදායි දායකත්වයක් දෙන පිරිසක් ඉන්නවා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අව්ව වැස්ස නොබලා කැප වෙන පිරිසක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ කව්ද කියලා හිතන්න පුළුවන් ද? ඒ තමයි රටට විදේශ විනිමය විශාලවශයෙන් ගෙනත් දෙන අපේ ආදරණිය ඇඟලුම් යුවතියෝ.

අපේ රටේ ඇඳුම් ගැන පිටරට මිනිස්සුන්ට තියෙන පිළිගනිම ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ නේද? ශ්‍රී ලංකාවේ ඇඟලුම්කියලා කිව්වහම ඉතින් අමුතුම එකක් තියෙනවා. ඒ කාලේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තේ, පොල්, රබර් වගේ ස්වාභවික දේවල්හේතු වුනත් දැන් වෙද්දී ඉතින් රටේ ආර්ථිකය වැඩි කොටසක් හිමිවෙන්නේ අපි විසින් අපනයනය කරන ඇඟලුම් වලට.

ඉතින් මේ ඇඟලුම් නිකම්ම නිර්මාණය වෙන්නේ නැහැ. ඒවා නිර්මාණය කරන්න අති විශේෂ පිරිසක් එකතු වෙනවා. ඒ තමයි ඇඟලුම් යුවතියෝ. මේ ඇඟලුම් යුවතියෝ කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකයට , පැවැත්මට පට්ටම වැදගත් පිරිසක් කියලා කාටත් පැහැදිලියි නේ. වෙන ජොබ් වල වගේ නෙමෙයි ඉතින් ඇඟලුම් යුවතියක් වෙන්න මහා ලොකුවට ඩිග්‍රි ඒවා මේවා අදාළ වෙන්නෙම නැහැ. මුළු ජීවිතේම පට්ටේටම ගොඩ දාගන්න පුළුවන් දක්ෂතාවයයි , කැපවීමයි තිබ්බොත් ඉතින් ඇඟලුම් යුවතියක් වෙලා හොඳ ගමනක් යන්න පුළුවන්.

යුවතියක් ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වුනහම, රැකියාවට අදාළ පුහුණුව දැනුම ලැබෙන්නේ රැකියාවේ නිරත වෙද්දීමයි. තේරෙන භාෂාවෙන් කියනවානම් ඉතින්, ඔන් ද ජොබ් ට්‍රේනින්( ON THE JOB TRAINING) එකක් තමයි ඇඟලුම් යුවතියන්ට ලැබෙන්නේ. ඉතින් රැකියාවේ නිරත වෙද්දීම තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් හඳුනාගෙන ඒ දේවල් වැඩි දියුණු කර ගන්න මේ ක්ෂේත්‍රයේ ඉන්න ලොක්කන්ගෙන් ලොකු සප් එකක් ලැබෙනවා.

අනිත් ජොබ් වල නම් ඉතින් වෙන්නේ ඕකේ අනිත් පැත්ත කියලා අපි දන්නවානේ නේද? හැබැයි මේ ඇඟලුම් යුවතියන්ට නම් ඒ වගේ ගැටළු නැහැ. මොකද දවසින් දවස වර්ධනය වෙන, ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තියෙන ඇඟලුම්කර්මාන්තය හොඳට දියුණු කර ගන්න තමයි හැමෝටම අවශ්‍ය.

තමාගේ දක්ෂතාවය, නිපුනතාවය , කැපවීම හොඳම තත්ත්වයේ තියෙනවා නම්, කිසිම ගැටළුවක් නැතුව, තමනුයි, තමන්ගේ මුළු පවුලයි, රටයිකියන තුනම ගොඩ දාගන්න මේ ඇඟලුම් යුවතියන්ට පුළුවන්. ඇඟලුම් කර්මාන්තයේ තමන්ට අදාළ වෙන ක්ෂේත්‍රයේ හොඳ පුහුණුවක් වගේම, අත්දැකීම් එක්ක මුළු ලෝකෙම පිළිගත් NVQ මට්ටමේ සහතික පවා ලබාගන්න මේ ඇඟලුම් යුවතියන්ට පුළුවන්කම තියෙනවා.

ඇත්තම කිව්වොත් අනිත් අය හැමෝම වගේ සිහින මවන උදේ 9යි හවස 5යි වගේ ජොබ් එකකට වඩා , ඇඟලුම් යුවතියක් වෙන එක නියමයි. ඒ රැකියාවේ දක්ෂයාට නියම තැන හම්බ වෙනවා. තමන්ගේ හැකියාවෙන් මොලේ කල්පනා කරලා හොඳ ගේමක් ගැහුවොත් ලොකු ගමනක්යන්න පුළුවන්.

කාටවත් යටත් නොවුණු සාර්ථක ජිවිතයක් තමන්ටම කියලා ගොඩ නගා ගන්න පුළුවන්. මේ ලෝකේ මොන ජොබ් එක කලත් ඉතින් රැඳිලා ඉන්නේ අපි ඒ ඒ වෙලාවට ලැබෙන වැඩ කරන විදිහ අනුවනේ. හැබැයි ඉතින් ඇඟලුම් යුවතියන්ට එක එක වෙලා වලට එක එක ගේම් ගහන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. තමන් දන්නා දේ, තමන් ඉගෙන ගත්තු දේ හරියට කලහම හොඳටම ඇති.

ඉතින් අපේ මේ පුංචි ලංකාව, ලෝකය ඉදිරියේ බබළවන්න පුළුවන් රැකියාවක් තමයි ඇඟලුම් යුවතියෝ කරන්නේ. ඒ ආදරණිය ඇඟලුම්යුවතියෝ ගැන හිතද්දී, දකිද්දී, හිතට පොඩි ගැම්මක් , ආදරයක් එනවා නේද?

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button