පළකල දිනය : Wed, Jun 26th, 2019

ගෝටාභය අපේක්‍ෂක කරන්න ඒකාබද්දයේ 54න් 53ක් පක්‍ෂ වෙයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් 54 දෙනාගෙන් 53 දෙනෙකුම මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට කැමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

ඉතිරි මන්ත‍්‍රීවරයාගේ කැමැත්ත තමන් ජනාධිපති අපේක්ෂකයා වීමට බවද ඔහුගේ සටහනේ දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ විරෝධය පළ කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පමණි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button