පළකල දිනය : Thu, Jun 27th, 2019

අභියෝගයන්ට අභියෝග කල අපේ කාලේ තරුණයෙක්

තරුණයා කියන්නේ සිහින දකින්නෙකි. ඔහු තමන්ගේ සිහිනය වෙනුවෙන් හඹායාමට දක්වන්නේ ඉමහත් කැපවීමකි. ඉංජිනේරුවරයකු වීමේ සිහිනය සිත තුළ සඟවා ගනිමින්, එම සිහිනය සැබෑවක් බවට පත්වන පරිසරය ක‍්‍රම ක‍්‍රමයෙන් සකසා ගනිමින්, අද වන විට දිවයිනේ ප‍්‍රකට ආයතනයක පාරිභෝගික සේවා ඉංජිනේරුවරයා බවට පත්වූ අෂාන් දුලන්ජ උදේශිත එවැනිම වූ තරුණයෙකි.

තමන්ගේ දෙමාපියන්ට පවා බරක් නොවී සිය කාර්යයන් කරගැනීමට කුඩා කල සිටම අෂාන් යොමු වූයේ ඔවුන් වටකරගෙන සිටි විවිධ දුෂ්කරතා හේතුවෙනි. මේ නිසාම ඔහු උසස් පෙළ විභායගෙන් පසු කොළඹට පැමිණෙන්නේ විවිධ රූපවාහිනී සහ උත්සව අවස්්ථා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන කාර්යයටය.

නමුත් තම සිහිනය කිසිදු විටෙක අත් නොහළ අෂාන්, තොරතුරු තාක්‍ෂණ විෂය හා සම්බන්ධ සිය දැනුම වර්ධනය කරගැනීම සඳහා මනා අවකාශයන් සොයමින් පසුවිය. අෂාන් පුද්ගලික ණයක් ලබාගනිමින් SLIIT ආයතනය වෙත යොමුවූයේ තොරතුරු තාක්‍ෂණ අංශයේ BSc උපාධිය ලබාගැනීමේ අපේක්‍ෂාවෙනි.

ඔහුගේ කැපවීම සහ දක්‍ෂතාවය හේතුවෙන් SLIIT ආයතනය වෙතින් ඔහුට පූර්ණ ශිෂ්‍යත්වයක්ද ලබාදුන්නේය. තම කණ්ඩායමේ සහෝදර සිසුන්ගේ මෙන්ම පසු සහ පෙර වසරවල සිසුන්ගේද ඉහළ ප‍්‍රසාදය දිනාගත් අෂාන්, SLIIT අන්තර් ශිෂ්‍ය සංගමයේ සභාපති බවටද පත්විය.

කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළ ඔහු, SLIIT ආයතනය සතු ඉහළ සම්පත් මැනවින් ප‍්‍රයෝජන ගනිමින් සිය දක්‍ෂතා වර්ධනය කරගත්තේය. අධ්‍යාපනය කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව සහ කැපවීම හේතුවෙන් SLIIT ආයතනයේ කථිකාචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය පමණක් නොව ආදි සිසු සිසුවියන්ගේ පවා සහාය ඔහුට හිමිවිය.

අද වනවිට අෂාන්, තරුණයෙකු ලෙස ඔහු සතු හැකියාවන්, ලැබූ දැනුම තුළින් මුවහත් කරගනිමින් ධෛර්යයෙන් යුතුව සිය ජීවිතය ගොඩනගා ගනිමින් සාර්ථක වෘත්තීය ජීවිතයකට පිවිස සිටී. සිය ජීවිතයේ බාධකයන් තුළින් දිරිමත් වූ අෂාන්, හෙට දිනයේද අභියෝගයන්ට අභියෝග කරමින් සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ගමන්කරනු නිසැකය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button