පළකල දිනය : Sun, Jun 30th, 2019

මෙදා ඇසළ පෙරහැරට වෙන්න යන දේ

මෙවර ඇසළ පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී කරවීම ගැටලුවක් වී ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසනවා. හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් ඇසළ පෙරහැර සඳහා ඇතුන් සහභාගී කරවීම ගැටලුවක් වී ඇති බවයි එම සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කරන්නේ.

එසේම ශ්‍රී ලංකාවේ දැනට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 106ක් දක්වා අඩු වී ඇති බව සඳහන් කරන ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නඩු භාණ්ඩ වශයෙන් අලි ඇතුන් 37 දෙනෙකු මේ වන විට දිවයිනේ ස්ථාන දෙකක රඳවා තැබීම මෙම ගැටලුවට හේතු වී ඇති බවයි.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස පළමුවෙනිදා කප් සිටුවීමෙන් ආරම්භවන අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 14 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

Source – නෙත්ගොසිප්

  • 58
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button