පළකල දිනය : Tue, Jul 9th, 2019

දකුණු අප‍්‍ර‍්‍රිකානු ‘ස්පෙක්ට‍්‍රම්’ යානාව ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප‍්‍රිකාවට අයත් ස්පෙක්ට‍්‍රම් ගුවන් යානය පෙරේදා (7 දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙය දකුණු අපි‍්‍රකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට‍්‍රම් එයාර් ප්‍රොපටි ගුවන් සමාගමට අයත් එච්. සී. – 47 වර්ගයේ ගුවන් යානයකි. මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු පියාසලන අතරතුරම පොළොව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප‍්‍රදේශය ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කළ හැකි වර්ගයේ යානයක් බව සඳහන් වේ.

මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්‍ෂාවන් සිදුකරන ආයතනයකි.

මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර, ඔවුන් මේ වන විට විවේක ගැනීම සඳහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ.

මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන අද (9 දා) පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය. මේ අතර දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා, ජපානයේ පැවැති ජී – 20 සමුළුවට සහභාගි වීමට යන අතරතුර දෙවරක්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණි.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button