පළකල දිනය : Tue, Jul 16th, 2019

අද සිට පිටි මිල වැඩිවෙන අගය මෙන්න

ප්‍රිමා සමාගමේ නිෂ්පාදිත සැම තිරිගු පිටි කිලෝවක්ම අද (16) සිට රු 8 කින් ඉහල ගොස් ඇති බව එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියළුම ප්‍රිමා පිටි එජන්තවරුන්ට දැනුම් දි ඇත.

මේ අනුව අද සිට ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් අලෙවි කල මිලට වඩා රු 8 ඉහල නංවා අලෙවි කරන ලෙසට එම සමාගම විසින් සියළුම එජන්තවරුන්ට දැනුම් දි ඇත.

පිටි මිල ඉහල යාමට හේතුව සමාගම විසින් මෙතෙක් දැනුම් දි නොමැති අතර වෙළදපොලේ තිරිගු පිටි කිලෝවක් සදහා පාලන මිලක්ද ප්‍රකාශයට පත් ක නොමැත.

තිරිගු පිට වැඩි විමට සමගාමිව බේකරි නිෂ්පාදනවල මිලද ඉහල යන බව බේකරි හිමියන් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button