පළකල දිනය : Thu, Jul 18th, 2019

නුගේගොඩ රැළිය ගැන මහින්ද කියයි

වහබ්වාදී අන්තවාදයට එරෙහිව පසුගිය සතියේ නුගේගොඩදී පැවති රැස්වීමට පැමිණි අයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දොස් පවරා ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරයි.

එම වේදිකාවේ සිටියදීම ප‍්‍රබල හිමිනමක් වෙත විපක්ෂ නායකවරයා විසින් දුරකථන ඇමතුමක් ගත් බවත් ඉන්පසු එම භික්ෂූන් වහන්සේ තමන් සූදානම් වී පැමිණි කතාව වෙනුවට වෙනත් කතාවක් සිදුකරන ලද බව එම වාර්තාවල දැක්වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන පක්ෂවල මැදිහත්වීමෙන් නුගේගොඩදී වහාබ්වාදී අන්තවාදයට විරුද්ධ ජනරැලිය පැවැති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි වී සිටියේ නැත.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button