පළකල දිනය : Sun, Jul 21st, 2019

අන්තිම ඕවරේ වරදක් වෙලා තමයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන පවසයි.

නමුත් එම අවස්ථාව තෙවැනි විනිසුරුට යොමු කිරීම සඳහා අවස්ථාවක් නැති බවද ඔහු සඳහන් කරයි.

එම අවස්ථාවේදී තමන් සහාය විනිසුරුවාගෙන්ද මේ ගැන විමසූ බවත් තමන් දෙදෙනාටම පෙනී ගියේ පන්දු රකින්නා පන්දුව යොමු කරද්දී පිතිකරුවා දෙවැනි ලකුණ සම්පූර්ණ සිටි බවක් නිසා අතිරේක ලකුණු 04ක්ද සහිතව ලකුණු 06ක් ලබා දුන් බවත් ධර්මසේන කියයි.

කෙසේ වෙතත් එකවර එම සියළු අවස්ථාවන් බලා සිටීම සඳහා තමනට ඇස් 06ක් නැති බව ද ධර්මසේන සඳහන් කරයි.

තමන් විනිශ්චයකරුවෙකු ලෙස වැරදි අඩුවෙන්ම කරනු නිසා ලෝකයේ අංක 01 විනිසුරු ලෙස නම් කර සිටින බවද සඳහන් කරන ධර්මසේන ඇතැමුන් මෙම සිදුවීම ලොකු කරන්න දරන උත්සාහය දෙස බැලීමේදී කණගාටුවක් දැනෙන බව ද සඳහන් කළේය.

ධර්මසේන විසින් ලබා දුන් එම තීන්දුව නිසා නවසීලන්තයට ලෝක කුසලාන ජයග‍්‍රහණය ගිලිහී ගිය බව ලොව ක‍්‍රිකට් ප‍්‍රවීණයන් චෝදනා කරති.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button