පළකල දිනය : Tue, Jul 23rd, 2019

කොන්ද පන නැති පෙන්දන් වැඩක් නෑ

ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුව ඇත්තේ අන්තවාදීන්ට එරෙහිව නිර්භීත තීන්දු ගත හැකි පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

එසේ නොමැතිව දියාරු පෙන්දන් නායකයන් ලෙස පත් කළාට වැඩක් නැති බවද උන්වහන්සේ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පළ කළහ.

රට පුරා වර්ධනය අන්තවාදයට මුහුණ දීම සඳහා කොන්ද පණ නැති ආත්ම ශක්තිය නැති, බලලෝභී නිවට නායකයන්ට නොහැකි බවත් කොටින්ට වඩා අන්තවාදය දස ගුණයකින් භයානක බවත් ඊට අනාගත නායකයා කොන්ද පණ ඇති නිර්භීත අයකු විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button