පළකල දිනය : Tue, Jul 23rd, 2019

මුරලි ගැන චිත්‍රපටයක් කරන්න ඉන්දියාව සැරසෙයි

හිටපු ශ්‍රී ලාංකේය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිලබඳව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට දකුණු ඉන්දීය නිර්මාණකරුවන් පිරිසක් සූදානම් වන බව වාර්තාවෙයි.

මෙම චිත්‍රපටය ‘800‘ ලෙස නම් කිරීමට නියමිත බවද කියවේ.මුරලි සිය ටෙස්ට් දිවියේ දවාගෙන ඇති ටෙස්ට් කඩුලු ගණනද 800කි.මෙම චිත්‍රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.

මෙම චිත්‍රපටය සඳහා දමිල සිනාමාවේ සුපිරි නළුවෙකු වන විජේ සේතුපති රංගනයෙන් දායක වීමට නියමිත බවද වාර්තා සඳහන් කරයි.

දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුවීමට නියමිතය.

Source – නෙත්ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button