පළකල දිනය : Wed, Jul 24th, 2019

ගෝටාභය මවුබිමට පැමිණේ 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂක වෙයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාකටුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් පසු ඒ මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලක ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් එම අධිකරණයට එකී නඩුව විභාගයට ගැනීමට බලයක් නැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

මේ අතර ලබන අගෝස්තු මස එකොළොස් වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අතර පැවැත්වෙයි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පක්‍ෂ නායකත්වයට පත්වන බවත් ඔහු විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button