පළකල දිනය : Sun, Jul 28th, 2019

තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා රෝහල් ගත කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කුටියේ තරගය නරඹමින් සිටින අවස්ථාවේදී අවිශ්ක ප්‍රනාන්දුගේ පියා එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සළසා තිබුණා.

මේ අතර බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ලකුණු 239 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල සිදුවීම වන විට විට පන්දු ඕවර 14ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 61.

Source – නෙත්ගොසිප්

  • 918
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button